එකමුතුකමේ වැදගත්කම (The importance of unity)



එකමුතුකම බලය වේ. එහෙහ් බොහෝ අයට අවශ්‍යව තිබෙන්නේ එකමුතුකම විනාශ කොට ඔවුන්ගේ බලය රැක ගැනීමයි. මෙය ලොව පුරා දැකිය හැකි අලුත්ම ප්‍රවනතාවකි. අල් කුරානයට අනුව මිනිස් වර්ගයා පැවත එන්නේ එක් මවකගෙන් සහ පියෙකුගෙන් ය. එම නිසා ලොව සිටින සියලුම දෙනා සහෝදරයින් වේ. 

"මිනිසුනි! නියත වශයෙන්ම අපි නුඹලාව පිරිමියෙකුගෙන් සහ ගැහැනියෙකුගෙන් මැව්වෙමු. තවද නුඹලා එකිනෙකාව හඳුනා ගැනීම පිණිස ජාතින් ලෙසද ගෝත්‍ර වශයෙන්ද නුඹලාව පත් කළෙමු" (කුරානය 49:12).

මල්වත්තක අලංකාරය ඇති වන්නේ එහි විවිධ වර්ගයේ ගස් කෝලන් සස විවිධ පාටවල මල් තිබිනොත් ය. එකම වර්ගයේ සමනලුන් සිටි විට එහි දැකුම් කළු බවක් නැත. එම නිසා විවිධ වර්ගයේ සමනලුන් සිටිය යුතුය. මිනිසාටද විවිධ හැකියාවන් තිබේ. ඒවා නිසි පරිදි ප්‍රයෝජනයට ගත්විට රටක් දියුණු කල හැකිය. එසේම රටක විවිධ භාෂාවන් කතා කරන අය සිටිති. විවිධ ආගම් අදහන අය සිටිති. ඒ සියලු දෙනාම රටක පුරවැසියන් වන විට එක සමානව සැලකිය යුතුය. කෙනෙක් තවත් කෙනෙකුගේ ආගමට ගැරහිය යුතු නැත. ඒවායේ වැරදි සෙවීමට වඩා තමන්ගේ වැරදි හදා ගැනීම ඉතා වැදගත් ය. මේ නිසා කුරානය මෙසේ පවසා ඇත. 

"ඔවුන් අල්ලාහ් හැර නමදින වෙනත් දේවල් වලට අපහාස නොකරනු, එසේ කළහොත් ඔවුන් දැනුම නොමැති කමින් වැරදි විදියට අල්ලාහ්ට අපහාස කරනු ඇත. මෙලෙසම අපි සෑම සමුහයාටම ඔවුන් ඔවුන්ගේ ක්‍රියාවන් අලංකාරවත් කර පෙන්වා ඇත්තෙමු; අනතුරුව ඔවුන්ගේ සමිඳුන් වෙතම ඔවුන් යනු ඇත . එවිට ඔහු (අල්ලාහ්) ඔවුන් කරමින් සිටි දේවල් ගැන ඔවුනට දන්වා සිටිනු ඇත" (කුරානය 6:108).

විය යුතු බොහෝ දේවල් දැන් සිදුවී හමාරය. අප අනාගත පරපුරවත් මෙම විනාශයෙන් ගලවා ගැනීමට ක්‍රියා කල යුතුය. නැතහොත් අපට දෙවියන්ගේ කෝපයට පාත්‍ර වීමට සිදු වනු ඇත. එවිට අපගේ මතු පරම්පරාවත් අපට ශාප කරනු ඇත. 

මිනිසා කුමන මතයක් දරුවත් යම් දවසක මරණයට පත් වන්නේය. එදාට ඔහු ගෙන යන්නේ තමන් කළ හොඳ හෝ නරක පමණි. මෙය හොඳින් තේරුම් ගන්නේ නම් මිනිසා වැඩි වැඩියෙන් හොඳ කිරීමට පෙළඹෙනු ඇත. එහෙත් අවාසනාවට බොහෝ අයට මරණය අමතක වී ඇති නිසාදෝ ආගම නිසා ද දේශපාලන මත නිසාද බේද බින්න වෙමින් කුළල් කන්නෝය. මෙය අප සියලු දෙනාම හොඳින් තේරුම් ගත යුතුය. 

By Fasy Ajward. B.Sc(Special)Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Twiter:- thetrue_path




Comments

Popular posts from this blog

කුරානයේ පළමු පරිච්ඡේදයේ අරමුණ කුමක්ද? (What is the purpose of the first chapter of the Quran?)

රටවල් අතර ගැටුම් ඇති කරන අතරතුර "අපි සාමය ඇති කරන්නන්" යැයි පැවසීම විහිළුවක් නොවේද? (Isn't it funny to say "we are peacemakers" while causing conflicts between countries?)

ආගමික වටිනාකම්වලට මොකද වුණේ? (What happened to religious values?)