අපගේ සිතුවිලි උපදින්නේ කොතනද? (Where do our thoughts originate?)



බොහෝ අයගේ පොදු මතය වන්නේ මිනිස් සිතුවිලි හටගන්නේ මොලයෙහි බවයි. එහෙත් මේ සම්භන්දයෙන් වසර හතළිහකට වඩා දීර්ඝ කාලයක් පුරා සිදු කළ පර්යේෂණවලින් සොයාගෙන ඇත්තේ මින්ස් සිතුවිලි ජනනය වන්නේ මොලයෙන් පිටත බවයි. මිනිසාගේ මොලයෙන් සිදු වන්නේ ඊට ලැබෙන සිතුවිලි සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා යොමු කිරීම පමණක් බව එම පර්යේෂණවලින් නිගමනය කොට ඇත.

මොලය සහ හදවත සම්බන්දයෙන් දැනට සිදු කොට ඇති ඇතැම් පර්යේෂණවලට අනුව මොලයෙන් හදවත කරා යන සංඥාවන්ට වඩා වැඩියෙන් හදවතේ සිට මොලය කරා සංඥාවන් ගමන්කරන බව සොයාගෙන ඇත. මිනිස් මොලය තුල හැඟීම්, ස්මරණය, ප්‍රශ්න නිරාකරණය වැනි ඥානාත්මක (cognitive) දේවල් පමණක් සිදු වේ. තවද මොලයෙන් නිකුත් කරන සංඥාවන්ට හදවත ප්‍රතිචාර දක්වනවාව වඩා වැඩියෙන් මොලය හදවතේ සංඥාවන්ට නිරතුරුවම ප්‍රතිචාර දක්වන බව එම විද්‍යාඥයින්ට පෙනී ගොස් ඇත.  එබැවින් හදවතේ ඇති ස්නායු සෛලවලට "හදවතේ ඇති මොලය" ලෙස නම් කොට තිබේ. මේ නිසා ඉතිහාසයේ සිටම මිනිසා දැනසිටි හෘධය සාක්‍ෂියට විද්‍යාත්මක පසුබිමක් තිබෙන බව තේරුම් ගත හැකිය. 

නබිතුමා පවසා ඇති හදීසයක මෙසේ සඳහන් වේ. "මිනිස් ශරීරයේ එක් මස් කැදැල්ලක් ඇත. එය නිරෝගී වූ විට මුළු ශරීරයම නිරෝගී වේ. එය රෝගී වූ විට මුළු ශරීරයම රෝගී වේ; දැනගනු එය හදවතයි" ඇතැම් විට  නබිතුමා පවසා තිබිය යුත්තේ ඉහත දැක්වූ කරුණ විය හැකිය.

දෙවියන් මවා ඇති දේවල්  බොහොමයක්ම තේරුම්ගැනීමට අපහසු සංකීර්ණ නිර්මාණයන්ය. එබැවින් බොහෝ විට ඒවා ගැඹුරින් හැදෑරීමට විශේෂඥ දැනුම තිබිය යුතුය. මිනිස් මනස සහ ආත්මය ද එවැනි දේවල්ය. මිනිසාගේ සිතුවිලි කෙරෙහි මනසද විශාල බලපෑමක් ඇති කරන්නේය. මේ නිසා අල්-කුරානයේ එක් තැනක මෙලෙස සඳහන් කොට ඇත. "කව්රුන් තමන්ගේ ආත්මය පිරිසිදු කරගන්නේද ඔහු ජය ගන්නේය. කව්රුන් හෝ තම ආත්මය අපවිත්‍ර කරගන්නේද ඔහු පාඩුවක්ම ලබන්නේය" (කුරානය 91:9-10). කුරානයේ තවත් තැනක මරණයෙන් පසු පිරිසිදු සිතින් පැමිණෙන්නා හැර අන් අය ඵල නොලබන බව පවසා ඇත. මෙම කරුණු කෙරෙහි මිනිසාගේ අවධානය යොමු විය යුතුය.

මිනිසාගේ අධ්‍යාත්මික හදවත දැඩි වීම කෙරෙහි බලපාන කරුණු පිළිබඳව ඉස්ලාමීය විද්වතුන් මෙසේ පවසා ඇත. එනම් අධිකලෙස කෑම අනුබව කිරීම, අධික නින්ද, ඕනෑවට වඩා වැඩියෙන් කථා කිරීම, පමණට වඩා ලිංගික ක්‍රියාකාරකම් වල යෙදීම වේ. රෝගියෙකුට කෑම අරුචිය ඇතිවන්නා සේම අධ්‍යාත්මික හදවත රෝගී වූ කෙනෙකුට දෙන උපදෙස් අරුචි වන්නේය. තවද ඉස්ලාමීය විද්වතුන් පෙන්වා දෙන ආකාරයට යම් කෙනෙක් ලෞකික දේවල්වලින් තමන් සුරක්‍ෂිතවන බව සිතමින් අල්ලහ්ව අමතක කරන්නේ නම් ඔහුගේ අධ්‍යාත්මික හදවත මරණයට පත් වන්නේය. එසේම අල්ලාහ් කෙරෙහි  විශ්වාසය තබා ඔහු ගැන මෙනෙහි කරන්නේ නම් අධ්‍යාත්මික හදවත ශක්තිමත් වන්නේය. 


By Fasy Ajward.B.Sc (Physics Special)Hons Japura,

Comments

Popular posts from this blog

කුරානයේ පළමු පරිච්ඡේදයේ අරමුණ කුමක්ද? (What is the purpose of the first chapter of the Quran?)

රටවල් අතර ගැටුම් ඇති කරන අතරතුර "අපි සාමය ඇති කරන්නන්" යැයි පැවසීම විහිළුවක් නොවේද? (Isn't it funny to say "we are peacemakers" while causing conflicts between countries?)

ආගමික වටිනාකම්වලට මොකද වුණේ? (What happened to religious values?)