විද්‍යාවේ දියුණුවට මුස්ලිම්වරුන්ගේ දායකත්වය (Contribution of muslims towards science)


ඉස්ලාම් දහමේ ස්වර්ණමය යුගය තුල විද්‍යාවේ දියුණුව වෙනුවෙන් මුස්ලිම්වරුන් විසින් කැපී පෙනෙන දායකත්වයක් ලබා දී තිබේ. ඒ අනුව තාරකා විද්‍යාව, භෞතික විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, ගණිතය යන සෑම විශයකින්ම ඔවුන්ගේ දායකත්වය දැක ගත හැකිය. විශේෂයෙන්ම  මුහම්මද් ඉබ්නු මුසා අල්-කවාරිසිමි (780-850), ඉබ්නු බතුතා (1304- 1369), ඉබ්නු රුශ්ද් (1126- 1198), උමර් කයියාම් (1048-1131), තබිත් ඉබ්නු කුර්රා (826-901) යන අය ඉදිරියෙන්ම දැක ගත හැකිය. 

ජුලියන් (Julian) ට පෙර ඉතාමත්ම නිවැරදි සුර්ය දින දර්ශනයක් නිපදවා තිබෙන්නේ මුස්ලිම් විද්‍යාඥ ජිලාලි (Jilali) විසිනි. උමර් කයියාම් ගේ අධීක්ෂණය යටතේ ඔහු එම කාර්යය සිදු කොට තිබේ. තවද ඉස්ලාමීය විද්වතෙක් වන අල්-කවාරිසිමි නවීන විජගනිතයේ පියා ලෙස සලකනු ලැබේ. ඔහුගේ නම අනුසාරයෙන් "අල්ගොරිතම්" (algorithm) යන වචනය බිහිවී ඇත. ඔහු විසින් නවීන ලෝකයට සයින් (sine), කෝසයින් (cosine) සහ තිකෝනමිතික වගු හඳුන්වා දී තිබේ. මේවා පසු කාලයේදී බටහිර රටවල් කරා පරිවර්ථනය විය. එතුමා විසින් විජගනිතමය සමීකරණ රාශියක් ලොවට හඳුන්වා දී ඇත.


භෞතික විද්‍යාව වෙනුවෙන්ද මුස්ලිම් විද්‍යාඥයින් ගේ විශාල දායකත්වයක් දැකිය හැකිය. ඒ අනුව භෞතික විද්‍යාව දාර්ශනික විෂයකට වඩා පර්යේෂණ මත පිහිටි විෂයක් බවට මුස්ලිම්වරුන් විසින්  පත් කොට ඇත. තවද මුස්ලිම් විද්‍යාඥයින් විසින් ධවනිය (Acoustic) සම්බන්දයෙන් බොහෝ සොයා ගැනීම් සිදු කොට තිබේ. ඒ අනුව අන්වායාම ශබ්ද තරංග ගැන මුලින්ම සොයාගෙන ඇත්තේ මුස්ලිම් විද්‍යාඥයින් විසිනි.

බටහිර ලෝකයේ ඇවිසිනා (Avicenna) යන නමින් ප්‍රසිද්ධ ඉබ්නු සිනා (Ibn Sina 1037) මේ දක්වාම ප්‍රබල වෛද්‍යාචාර්ය වරයෙකි. ඔහුගේ කෘතිය 'අල්-කෞන් ෆී අල්-තිබ්' යුරෝපය තුල වසර 700 ක් පමණ සම්මත පාඨ ග්‍රන්ථයක් ලෙස පැවත තිබේ. ඔහුගේ ග්‍රන්ථය අදටත් ආසියානු රටවල්වල පරිශිලයන කරනු ලැබේ.

මේ අනුව නවීන විද්‍යාවේ දියුණුව සඳහා මුස්ලිම්වරුන් විසින් මුලික පදනම දමා ඇති බව නොරහසකි. ඇත්ත වශයෙන්ම යුරෝපය අඳුරේ පැවති යුගයකදී විද්‍යාව නමැති ආලෝකය එහි ගෙන ගියේ මුස්ලිම්වරුන් ය. එහි ප්‍රතිපලයක් ලෙස නවීන ලෝකය විද්‍යාව සහ තාක්ෂණය අතින් විශාල දියුණුවක් ලබා තිබේ. නවීන ලෝකයේ ද මුස්ලිම් විද්‍යාඥයින් නැතුවා නොවේ. වර්තමාන මුස්ලිම් පාලකයින්ගේ උවමනාව නොමැති කම නිසා ඉස්ලාමීය රාජ්‍යන් හි විද්‍යාත්මක පර්යේෂණ කිරීම  සඳහා පහසුකම් සලසා නොමැත. එහි ප්‍රතිපලයක් ලෙස මුස්ලිම් විද්‍යාඥයින් බටහිර රටවල්වලට ගොස් ඔවුන්ගේ කාර්ය භාරය ඉටු කරමින් සිටිති.

By Fasy Ajward.B.Sc(Sp.Phy)Hons.Japura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Comments

Popular posts from this blog

කුරානයේ පළමු පරිච්ඡේදයේ අරමුණ කුමක්ද? (What is the purpose of the first chapter of the Quran?)

රටවල් අතර ගැටුම් ඇති කරන අතරතුර "අපි සාමය ඇති කරන්නන්" යැයි පැවසීම විහිළුවක් නොවේද? (Isn't it funny to say "we are peacemakers" while causing conflicts between countries?)

ආගමික වටිනාකම්වලට මොකද වුණේ? (What happened to religious values?)