කුරානයට අනුව කඳු වල කාර්යභාරය (The role of mountains according to the Quran)


අල් කුරානය මිනිසාට යහ මග පෙන්වීම සඳහා පහල කරන ලද දහම් පණිවිඩයක් වුවද එහි භෞතික ලෝකය පිළිබඳ බොහෝ කරුණු ඇතුලත් වී තිබේ. ඒවා හැදෑරීමෙන් අපට කුරානය පහළ කල දෙවියන් පිලිබඳ අවබෝදයක් ලබා ගත හැකිය.

පෘථිවියේ ඇති මහද්වීප සියල්ලම පිහිටා තිබෙන්නේ විශාල තැටි මතය. එබැවින් ඒවායේ චලනය වැළැක්වීම සඳහා යම් කිසි ක්‍රියා මාර්ගයක් තිබිය යුතුය. එවැනි ක්‍රියා මාර්ගයක් ගෙන නොතිබුනේ නම් එම තැටි පහසුවෙන්ම එහා මෙහා චලනය වී විශාල මුහුදු රල ඇතිවී සුනාමි අවදානම් ඇති විය හැකිය. මේවා වැළැක්වීම සඳහා කඳු කුන්ඥයක අකාරයෙන් මවා ඇති බව කුරානයේ සඳහන් කොට ඇත."අපි පොලොව ඇතිරිල්ලක් ලෙසද, කඳු කුන්ඥයක් ලෙසද නොකෙලෙමුද" (කුරානය 78:6,7). කුරානය එසේ පවසද්දී මෑතක් වන තුරුම විද්‍යාඥයින් විසින් කඳු වලින් කෙරෙන කාර්ය භාරය දැනගෙන සිටියේ නැත. 

කුරානයේ තවත් තැනක කඳු වල කාර්ය භාරය මෙසේ විස්තර කොට තිබේ. "පොළව නුඹලාව පෙරලා නොදැමීම පිණිස ඔහු ඒ මත කඳු සිටුවා,....."(කුරානය 16:15). මෙවැනි දෙයක් කුරානයෙන්ම මිස 7වන සියවසේ ජීවත්වූ කිසිවෙකු විසින් දැනසිටියේ නැත. 

නුතන පර්යේෂණ මගින් කඳුවල පොලවට උඩින් ඇති කොටස මෙන් කිහිප ගුණයක් විශාල මුල් පොළවට යටින් පිහිටන බව National Academy of Sciences ආයතනයේ සේවය කල ආචාර්ය ෆ්‍රෑන්ක් ප්‍රෙස් (Dr. Frank Press) මහතා විසින් සොයා ගෙන තිබේ. මෙම කරුණ ඔහුගේ "Earth" යන කෘතියේද සඳහන් කොට තිබේ.

මෙම කරුණු දෙස බලන කල කුරානය මිනිස් නිර්මාණයක් නොවන බවත් එය දෙවියන් විසින් පහළ කොට තිබිය යුතු වැවත් දැක ගත හැකිය. 

By. M.F. Ajward. B.Sc(PhysicsSp)Hons.Japura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Twiter:- thetrue_path

Comments

Popular posts from this blog

කුරානයේ පළමු පරිච්ඡේදයේ අරමුණ කුමක්ද? (What is the purpose of the first chapter of the Quran?)

රටවල් අතර ගැටුම් ඇති කරන අතරතුර "අපි සාමය ඇති කරන්නන්" යැයි පැවසීම විහිළුවක් නොවේද? (Isn't it funny to say "we are peacemakers" while causing conflicts between countries?)

ආගමික වටිනාකම්වලට මොකද වුණේ? (What happened to religious values?)