'අත්තුකා' යනු කුමක්ද? (What is 'At Tuqyah')

 

අල්-කුරානයේ ඇති 'අත්තුකා' යන වචනය බොහෝ අය විසින් 'තකියා' ලෙස සඳහන් කරති. මොන ආකාරයට එය ප්‍රකාශ කලත් එහි අර්ථයේ නියම සන්දර්භය වෙනස් නොවිය යුතුය. ඇයිද යත් ඇතැමුන් එය වෙනස් තේරුම් ඇතිව භාවිතා කලේ නම් එමගින් කුරානයේ පවසන කරුණ ඉටු නොවිය හැකි නිසාය. කෙසේ වෙතත් මෙහිදී මතක තබා ගත යුතු වැදගත් කරුණක් වන්නේ එම වචනය නිසා මුස්ලිම්වරයෙකුට හෝ මුස්ලිම් නොවන වෙනත් කෙනෙකුට හානියක් සිදු නොවිය යුතුය යන්නයි. 

لَّا يَتَّخِذِ الْمُؤْمِنُونَ الْكَافِرِينَ أَوْلِيَاءَ مِن دُونِ الْمُؤْمِنِينَ ۖ وَمَن يَفْعَلْ ذَٰلِكَ فَلَيْسَ مِنَ اللَّهِ فِي شَيْءٍ إِلَّا أَن تَتَّقُوا مِنْهُمْ تُقَاةً ۗ وَيُحَذِّرُكُمُ اللَّهُ نَفْسَهُ ۗ وَإِلَى اللَّهِ الْمَصِيرُ - 3:28

“විශ්වාසවන්තයින්, විශ්වාසවන්තයින්ව හැර දමා ප්‍රතික්‍ෂේප කරන්නන්ව මිත්‍රයින් ලෙස නොඅරගනු. ඔවුන්ගෙන් නුඹලාව ආරක්‍ෂා කර ගැනීමට හැර කවරෙක් හෝ එසේ කලේ නම් ඔහුට අල්ලාහ්ගෙන් (ආරක්‍ෂා) කිසිවක් නැත. අල්ලාහ් තමා ගැන නුඹලාට අවවාද කරයි. තවද ආපසු යාම අල්ලාහ් වෙතමය” (කුරානය 3:28).

අල්-කුරානයේ විවරණයක් වන ඉබ්නු කzසීර් ග්‍රන්ථයේ එන විවරණය පහත දැක්වේ.

කෙසේවෙතත් විශ්වාස නොකරන්නන්ගෙන් හානියක් සිදුවේ යැයි බියක් ඇති විට විශ්වාසවන්තයින් විසින් විශ්වාස නොකලවුන් කෙරෙහි අවස්තානුකුල ව්‍යාජ මිත්‍ර කමක් පෙන්වීම වරදක් නොවේ. අබු දර්දා රලි තුමා පවසන පරිදි “අපි ඇතැම් උදවිය සමග සිනහ උනත් ඇත්තෙන්ම අපගේ සිතින් ඔවුන්ව පිළිකුල් කරන්නෙමු” අල්-බුහාරි පවසන වග නම්: තුක්‍යා (Tuqyah) ලෝකය අවසාන වන තුරු පිළිපැදිය හැකිය යන්නයි (ඉබ්නු කසීර් වෙළුම 2 පිටුව 142).

මේ අනුව සතුරාගෙන් ආරක්ෂා වීම සඳහා ඔහුට ව්‍යාජ හිතවත්කමක් දැක්වීමේ වරද කුමක්ද? එසේ නොකර ඔහුගේ හිංසනයන්ට ඇතුළු වීම හෝ ඔහුගෙන් මැරුම් කෑම හරිද?

By Fasy Ajward. B.Sc (Sp.Phy) Hons.J.Pura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Comments

Popular posts from this blog

කුරානයේ පළමු පරිච්ඡේදයේ අරමුණ කුමක්ද? (What is the purpose of the first chapter of the Quran?)

රටවල් අතර ගැටුම් ඇති කරන අතරතුර "අපි සාමය ඇති කරන්නන්" යැයි පැවසීම විහිළුවක් නොවේද? (Isn't it funny to say "we are peacemakers" while causing conflicts between countries?)

ආගමික වටිනාකම්වලට මොකද වුණේ? (What happened to religious values?)