දෙවියන්ව ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිවිපාක මොනවාද? (What are the consequences of rejecting God?)


ඇතැම් අය දෙවියන්ව විශ්වාස කරති. තවත් සමහරු දෙවියන්ව විශ්වාස කරන්නේ නැත. දෙවියන්ව විශ්වාස කරන අයගෙනුත් සමහරු නිවැරදි දේව විශ්වාසයේ නැත. මේ නිසා දෙවියන් ගැන හැදෑරීම ප්‍රයෝජනවත් වේ. 

නුතන විද්‍යාව අනුව විශ්වයට ආරම්භයක් තිබේ. එසේ නම් එය ඇතිවුයේ කෙසේද? එය විස්තර කිරීම සඳහා විද්යාඥයින් විසින් නොයෙකුත් වාදයන් ඉදිරිපත් කොට තිබේ. ඉන් ප්‍රධාන තැනක් ගන්නේ මහා පිපුරුම් වාදයයි. එහෙත් එම වාදයෙන් විශ්වය ඇතිවූ අන්දම අංග සම්පුර්ණව විස්තර කරන්නේ නැත. ඒ අනුව එම වාදයෙන් මහා පිපුරුම සිදුවීමට මොහොතකට පෙර තත්වය විස්තර කල නොහැක. 

කෙසේ වෙතත් විශ්වය ගැන සියලු විස්තර නිවැරදිව ඉදිරපත් කල හැක්කේ එහි නිර්මාණ කරුට පමණි. ඒ අනුව විශ්වයේ මැවුම්කරු වන අල්ලාහ්, කුරානයේ මහා පිපිරුම් වාදය ගොඩ නැගීම සඳහා ඉදිරිපත් කරන ලද කරුණු ඉතා පැහැදිලිව සඳහන් කොට ඇත. හත්වන සියවසේදී පහළ කරන ලද කුරානයෙන් එම කරුණු ඉදිරිපත් කිරීමට හැකි වන්නේ එය දිව්‍ය පණිවිඩයක් නිසාය. කුරානය හැදෑරු ඇතැම් විද්‍යාඥයින් එම කරුණ සනාථ කොට තිබේ.

අල් කුරානයේ සඳහන් වන ආකාරයට, අහස පොළොව සහ ඒ අතර ඇති සියලුම දේවල් දින වකවානු හතකදී මවා තිබේ. එහෙත් මිනිසා විසින් නිර්මාණය කොට ඇති කිසිම දේව රූපයකින් හෝ ප්‍රතිමාවකින් එවැනි දෙයක් කල නොහැක. අඩුම තරමින් මැස්සෙක් වත් මවා නැත. ඒ අනුව නැමදුම් ලැබීමට එකම සුදුස්සා අල්ලාහ් ය.

අල්ලාහ්, යම් සමුහයකට දඬුවම් කරන්නේ එම සමුහයාට අවවාද කල පසු ය. ඒ අනුව මිනිසා මේ ලෝකයට පය තැබූ දා පටන් ඔහුගේ නියෝජිතවරුන් (නබිවරුන්) හරහා මිනිසාට යහ මග පෙන්වා දී තිබේ. නබිවරුන්ගේ කාර්ය භාරය වුයේ අල්ලාහ්ගෙන් ලැබුණු දහම් පණිවිඩය ඒ ආකාරයෙන්ම මිනිසාට ප්‍රචාරය කිරීම වේ. එහෙත් එය පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම මිනිසාට ලැබී ඇති පරික්ෂාවකි. ඒ අනුව මිනිසාගේ මතු ජිවිතයේ ජය පරාජය තීරණය වන්නේ මිනිසා දෙවියන් කෙරෙහි තබා ඇති විශ්වාසය අනුවය. 

ඇතැම් නබිවරුන්ට ආගම් පුස්තක පහළ කොට තිබේ. එවැනි ආගම් සතරක නම් කුරානයේ සඳහන් කොට ඇත. ඒවා මෙසේය, දාවුද් නබි තුමාට සබුර් ආගමද මුසා නබිතුමාට යුදෙව් ආගමද ජේසු තුමාට ඉන්ජිල් හෙවත් බයිබලයද මුහම්මද් නබි තුමාට කුරානයද වේ. කුරානයෙන් ඊට පෙර පහළ කරන ලද ආගම්වල ඇති කරුණු නැවත තහවුරු කොට තිබේ. එබැවින් යුදෙව් ආගමේ ඇති කරුණුද බයිබලයේ ඇති කරුණුද කුරානය මගින් නැවත ස්ථිර කරන්නේය. (එහෙත් දැන් තිබෙන එම ආගම් බොහෝ වෙනස්කම් වලට ලක් කොට ඇත) 

සෑම දහම් පණිවිඩයකින්ම, දෙවියන් ඔහු ගැන, මිනිසා දැනුවත් කොට තිබේ. එහෙත් ඉස්ලාම් දහම හැර අනෙක් ආගම්වල දේව විශ්වාසය මිනිසා විසින් වෙනස් කොට ඇත. ඒ අනුව කිතුනුවන් ත්‍රිත්වයක් ගැනත් යුදෙව්වන් දෙවියන්ට පුතෙක් සිටින බවත් විශ්වාස කරති. ඇතැම් ආගම්වල එක් දෙවිකෙනෙකුට වඩා විශ්වාස කරන්නේය. දෙවියන්ව විශ්වාස නොකරන දහම් ද තිබේ. එහෙත් විශ්වය ගැන හැදෑරීමේදී පෙනී යන්නේ එය එක් දෙවිකෙනෙකුගේ මැවීමක් බවයි. එම කරුණ විශ්වය පුරා ඇති භෞතික නියමයන් මගින්ද, විශ්ව නියතයන් මගින්ද තහවුරු කල හැකිය. 

ආගමක ඉතා වැදගත්ම හරය වන්නේ දෙවියන් පිළිබඳව ඇති විශ්වාසයයි. එසේ තිබියදී බොහෝ අය දෙවියන් සමග වෙනත් දේවල් ආදේශ කරන්නේය. එම වරදට දෙවියන්ගෙන් සමාවක් නැත. එබැවින් එම වැරැද්දද කල කෙනෙක් ඔහුගේ මරණයට පෙර සමාව ගෙන තිබිය යුතුය. එසේ නොකළ අය නිරයට යන්නේය.

සෑම ප්‍රධාන ආගමකම සඳහන් වන ආකාරයට ලෝකය අවසාන වීමෙන් පසු මිය ගිය සෑම ආත්මයක්ම නැවත නැගිටවීමට නියමිත ය. ඉන් පසු ඔවුන් සියලු දෙනාම, එක් ස්ථානයකට රැස්කොට ප්‍රශ්න කිරීමට නියමිත ය. එම ප්‍රශ්න කිරීමේදී, කිසිවෙකුට ඔහු වෙනුවෙන් උදව් කල නොහැක. ඒ අනුව ඔවුන් වැඳ පුදාගත් දේවල් වලින්ද එම දිනයේදී පිහිටක් ලැබෙන්නේ නැත.

මිනිසාට ලැබී ඇති ජිවිත කාලයේදී නිවැරදි මාර්ගය වෙනුවට වෙනත් මාර්ග තෝරාගැනීම නිසා මරණයෙන් පසු අන්දයින් ලෙස නැගිටවනු ලැබේ. මෙම කුර්ආන් වැකියෙන් එය විස්තර කොට ඇත.

"කවරෙක් මාගේ උපදේශය ඉවතලීම් කරයිද නියතව ඔහුට දුෂ්කර ජිවිතයක් ඇත. තවද අපි ඔහුව මතු ලොවේදී අන්ධයෙකු ලෙස නැගිටවන්නෙමු. (එවිට ඔවුන් මෙසේ පවසනු ඇත) මාගේ සමිඳුනි පෙනීම ඇත්තෙකුව සිටි මාව නුඹ, අන්ධයෙකු ලෙස නැගිට්ටෙව්වේ මන්දැ'යි අසන්නේය. (එවිට) කවරෙක් සීමාව ඉක්මවා, තම සමිඳුන්ගේ වැකි විශ්වාස නොකළේද, ඔහුට අපි මේ අන්දමටම කුලිය ලබා දෙන්නෙමු'යි පවසන්නෙමු. එලොවෙහි දඬුවම වඩාත් දැඩිද, ස්ථිරද වේ" (කුරානය 20:124-127).

මිනිසාට ලැබී ඇත්තේ එක් ජිවිත කාලයක් පමණි. එය දෙවියන් පෙන්වා දී ඇති මාර්ගයේ ගත නොකලේ නම් වන පාඩුව වචනයෙන් කියා නිම කල නොහැක. එම නිසා මිනිසා කල යුත්තේ ලැබී ඇති අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන දෙවියන් පෙන්වා ඇති නිවැරදි මාර්ගයේ ගමන් කිරීමයි. 

By Fasy Ajward B.Sc (Physics Special) Hons, Japura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

https://www.facebook.com/thetruepathofislam
http://truepath1.blogspot.com/
















Comments

Popular posts from this blog

කුරානයේ පළමු පරිච්ඡේදයේ අරමුණ කුමක්ද? (What is the purpose of the first chapter of the Quran?)

රටවල් අතර ගැටුම් ඇති කරන අතරතුර "අපි සාමය ඇති කරන්නන්" යැයි පැවසීම විහිළුවක් නොවේද? (Isn't it funny to say "we are peacemakers" while causing conflicts between countries?)

ආගමික වටිනාකම්වලට මොකද වුණේ? (What happened to religious values?)