පොරොන්දු කඩ කිරීමේ විපාක මොනවාද? (What are the consequences of breaking promises?)


ඉස්ලාම් දහම අනුව පොරොන්දු කඩ කිරීම බරපතල වරදකි. එය මුනාෆික් කම නොහොත් කුහක කමේ එක් ලක්ෂණයක් ද වේ. කෙසේ වෙතත් අමතක වීම නිසා හෝ යම් වැරදි ක්‍රියාවක් වෙනුවෙන් දුන් පොරොන්දුවක් හෝ යම් බලපෑමකට යටත්වූ පොරොන්දුවක් ඉටු නොකිරීම වෙනුවෙන් සමාව තිබේ. 

“ඉබ්නු අබ්බාස් රලි තුමා නබිතුමා පැවසූ බවට මෙසේ සඳහන් කරයි: මාගේ අනුගාමිකයින් අමතක වීම නිසා හෝ බලපෑමකට යටත් වූ නිසා හෝ කරන වැරදි වලට අල්ලාහ්ගෙන් සමාව ලැබෙනු ඇත” (ඉබ්නු මාජා 2045 මෙම හදිසය සහිහ් බවට ෂෙයික් අල්බානි පවසා ඇත). කෙසේ වෙතත් නිත්‍යානු කුලව සිදු කරනු ලැබූ පොරොන්දුවක් සෑම විටම ඉටු කල යුතුය. පොරොන්දු ඉටු නොකිරීම නිසා ඔහු සමාජයෙන් කොන් වන්නේය. ඇතැම් විට ඥාතිත්වය පවා ගිලිහී යන්නේය. එය ලෞකික ජීවිතයේදී මෙන්ම මරණයෙන් පසු විශාල ප්‍රතිවිපාක ගෙන දෙන්නේය.

පොරොන්දු කඩ කිරීම වෙනුවෙන් කෆාරා හෙවත් දඩයක් ගෙවිය යුතුය. මේ හේතුවෙන් යම් කෙනෙක් පොරොන්දුවක් කඩ කලේ නම් අල්ලාහ්ගෙන් සමාව අයැදිය යුතු අතර පුද්ගලයන් 10 දෙනෙකුට අහාර හෝ ඊට සමාන මුදලක් ගෙවිය යුතුය.

අලි ඉබ්නු අබි තාලිබ් (රලි) තුමා නබි තුමා පවසන ලද හදිසයක් මෙසේ සඳහන් කරයි: “යමෙක් ලබා දුන් ගිවිසුමක් කඩ කරන්නේද, ඔහුට අල්ලාහ්, දේවදූතයන් සහ සියලුම මිනිසුන් ශාප කරත්වා. අල්ලාහ් ඔහුගේ කිසිදු අනිවාර්ය හෝ නෆිල් ක්‍රියාවක් පිළි නොගනී ..." 

මිනිසුන්ට පොරොන්දු ලබා දුන් පසු ඒවා හිතා මතාම කඩ කිරීම බලවත් වරදකි. බොහෝ විට මෙවැනි දේවල් සිදු වන්නේ මුදල් ගනුදෙනු වලදී ය. එවැනි ක්‍රියා වලින් මුදල් ඉපැයීම ඉස්ලාම් දහමින් තහනම් කොට ඇත. ඒ අනුව එම ගනුදෙනුවලින් උපයන මුදල් වලින් පෝෂණය වන ශරීරය නිරයට සුදුසුකම් ලබන්නේය. එසේම ඉන් උපයන මුදල්වලින් මිලදී ගත් ඇඳුමක් ඇඳගෙන කරන සලාතය පවා ප්‍රතික්ෂේප වන බව හදිස්වල සඳහන් වේ.

ඇතැම් අය විවාහ වන අවස්ථාවේදී බොහෝ බොරු පොරොන්දු ලබා දෙන්නේය. එය විශාල පාපයක් වන අතර විවාහයන් බිඳී යාමටද හේතුවකි. මෙවැනි හේතුන් නිසා නිරයේ පහලම ස්ථරයට දමා දඬුවම් කරනු ලබන්නේ මුනාෆික් නොහොත් කුහකයින් බව සඳහන් වේ. 

By Fasy Ajward B.Sc(PhysicsSpecial)Hons,Japura,
Ex.Research officer at former Ceylon Institute of Scientific and Industrial Research.
Twiter:- thetrue_path

Comments

Popular posts from this blog

කුරානයේ පළමු පරිච්ඡේදයේ අරමුණ කුමක්ද? (What is the purpose of the first chapter of the Quran?)

රටවල් අතර ගැටුම් ඇති කරන අතරතුර "අපි සාමය ඇති කරන්නන්" යැයි පැවසීම විහිළුවක් නොවේද? (Isn't it funny to say "we are peacemakers" while causing conflicts between countries?)

ආගමික වටිනාකම්වලට මොකද වුණේ? (What happened to religious values?)