මුස්ලිම්වරුන් වෙත කරන කාරුණික ඉල්ලීමයි. (A kind request from Muslims)


අද ඇතැම් පලාත්වල මුස්ලිම් ජනතාව කේදනිය ඉරණමකට ඇතුලත් වී සිටින බව කව්රුත් දන්නා කරුණකි. ඔවුන් වෙනුවෙන් අනිත් අය උපරිම උදව් උපකාර කිරීම මේ අවස්ථාවේදී අවශ්‍ය වී තිබේ. ඔවුන්ට මුදල් ආධාර මෙන්ම වියලි ආහාර වලින් උදව් කිරීම මහා පුණ්‍ය කර්මයකි. එසේ කරන අයට අල්ලාහ් තමන් කල පරිත්‍යාගය කිහිප ගුණයකින් වැඩිකර නැවත දෙනු ඈත. එහි කිසිම සැකයක් නැත.

මේ ප්‍රශ්නයේ දී බැට කෑවේ අහිංසකයන්ය. ඔවුන්ගේ යාන වාහන ගෙවල් දෙරවල් විශාල අලාභයකට පත් වී ඇත. බොහෝ දෙනෙකුට බෙහෙත්ටික ගැනීමටවත් මුදල් නැති තත්වයට පත් වී සිටිති. ළමයින්ට කිරි පිටි ටික හෝ කෑම ටික ගැනීමට කිසිවක් නැත. ඔවුන්ට නැවත මුල සිටම නැගී සිටීමට  සිදුවී ඇත. මෙය සිතට ගෙන හැකිපමනින් මොවුන්ට තම ගමේ පල්ලියේ භාරකාරයන් මාර්ගයෙන් ආධාර රැස්කරන මෙන් ආයාචනයය කරමි. උම්රා කිහිපයක් කළ අය ඒ වෙනුවෙන් යොදවන මුදල මෙම අවස්ථාවේදී මේ සඳහා දුන්නොත් උම්රා කලාට වඩා ලොකු පිනක් සිදුවනු ඇත. හැකි නම් තම සකාත් මුදල් ද එයට සුදුසු අය සොයා මේ ගම්වලට දුන්නොත් වඩා ප්‍රයෝජන අත් වනු ඇත. 

මේ අවස්ථාවේදී මුස්ලිම්වරුන් තමන්ගේ ඉවසීම ප්‍රගුණ කරගන්න. මුස්ලිම්වරුන්ට පැමිණෙන සෑම ප්‍රශ්නයක්ම අල්ලාහ් හොඳින් දන්නේය. එය ඉවසීමෙන් ලැබෙන ආනිසංස බොහෝය. ඉවසීම යනු කෙනෙකුට අත්වන මුල්ම ආක්‍රමණය අල්ලාහ්ගේ නාමයෙන් ඉවසීමයි. එයට කුලිය සුළු පටු නොවේ. ඉවසිලිවන්තයා සමග අල්ලාහ් සිටින බව අල්-කුරානය පවසන්නේය. කෝටිපති ව්‍යාපාරිකයෙක් වන අබ්දුර්රහ්මාන් ඉබ්නු අව්ෆ් රැලි තුමා මක්කාවේ සිට හිජ්රත් කලේ හිස් අතින්ය. එහෙත් වැඩිකල් නොගොස් ඔහු නැවත වරක් කෝටිපති ව්‍යාපාරිකයෙක් විය. ඒ පමණක් නොව මුළු මක්කාවම කිසිම ලේ වැගිරීමකින් තොරව නැවත මුස්ලිම්වරුන්ගේ අතට පත්විය. 

අල්-කුරානයේ මෙසේ සඳහන් වන්නේය.

(විස්වාසවන්තයෙනි!) බියෙන් ද, කුසගින්නේන් ද, වස්තුන් (හානි වීමෙන්ද),  ජිවිත (පරීක්ෂාවෙන්) ද, භෝග (හානිවිමෙන්ද) සම්පත් ආදියෙහි අලාභ සිදුකිරිමෙන්ද අපි ඔබව පරීක්‍ෂා කරන්නෙමු.  එහෙත් (නබියේ! මෙම පිරික්සුමෙන් ඇතිවන අලාභ හානි ) විඳ දරාගෙන ඉවසා සිටින අයට ඔබ සුභාරංචි දෙනු මැනව! (කුරානය 2:155) (පිරික්සුමට ලක් වූ) ඔවුන් තමන්ට කොපමණ විපත් සිදු වුවද “ඇත්තෙන්ම අපි අල්ලාහ් වෙනුවෙන්ම සිටින්නෙමු. ඇත්තෙන්ම අපි ඔහු වෙතම යලි පැමිණෙන්නෙමු” යැයි කියන්නෝය. මෙවැන්නන් වෙනුවෙන්ම ඔවුන් අල්ලාහ්ගේ ආශිර්වාදයද දයාවද ඇති වන්නේය. තවද ඔවුන් ඍජු මාර්ගයද අත් කරගන්නෝය. (කුරානය 2: 155-157)


ස්වර්ගය නිකම්ම කට වචනයට ලැබෙන්නේ නැත. මුමින් වරුන්ට පමකන් එය ලැබෙන බව අපි දනිමු. එබැවින් අල්ලාහ් අපගේ විශ්වාසයේ තරම පිරික්සා බලන්නේය. විශ්වාසයේ තරමට ස්වර්ගයේ ලැබෙන පදවිය ද උසස් වන්න්නේය. ඒ නිසා මොන උවදුරක් පැමිණියත් අල්ලාහ්ගේ නාමයෙන් ඉවසන්න. වැඩි කල් නොගොස් ඔබගේ ඉවසීමට ප්‍රතිපල ලැබෙනු ඇත. ආමින්. 




Twitter:-thetrue_path

Comments

Popular posts from this blog

කුරානයේ පළමු පරිච්ඡේදයේ අරමුණ කුමක්ද? (What is the purpose of the first chapter of the Quran?)

රටවල් අතර ගැටුම් ඇති කරන අතරතුර "අපි සාමය ඇති කරන්නන්" යැයි පැවසීම විහිළුවක් නොවේද? (Isn't it funny to say "we are peacemakers" while causing conflicts between countries?)

ආගමික වටිනාකම්වලට මොකද වුණේ? (What happened to religious values?)