මිනිස් ජීවිතය කෙළවර වන්නේ කොතැනින්ද? (Where does human life end?)




මිනිස් ජීවිතය පිළිබඳව විවිධ මත දරන පුද්ගලයින් දැකිය හැකිය. ඇතැමුන් සිතන්නේ මිනිසා කිසිවෙකුගේ මැදිහත් වීමකින් තොරව ඉබේ ඇතිවූ බවයි. ඔවුන් මරණයෙන් පසු ජිවිතයක් ගැන විශ්වාස කරන්නේ නැත. තවත් පිරිසක් සිතන්නේ මිනිසා වානරයාගෙන් පරිණාමනය වූ බවයි. ඔවුන්ටද මරණයෙන් පසු ජීවිතයක් ගැන විශ්වාසයක් නැත. තවත් පිරිසක් විශ්වාස කරන්නේ මිනිසා දෙවියන්ගේ මැවීමක් බවයි. ඔවුන්  කුසල් සහ අකුසල් ගැන විශ්වාස කරන අතර මරණින් පසු ජිවිතයක් ගැන දැඩි ලෙස විශ්වාස කරති. එම නිසා, ඔවුන් අනෙක් අයට වඩා වගකීම් සහිත ජිවිතයක් ගත කරති.

මිනිසා කුමන මතයක් දැරුවත් එය නිවැරදි විය යුතුය. එසේ නොමැති නම්, ඔවුන් ගත් වැරදි තීරණවල ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සූදානම් විය යුතුය. එම අවස්ථාවේදී කිසිවෙකු පිහිට නොවන බවත් කිසිවෙකුට පිහිට වීමට නොහැකි බවත් හොඳින් තේරුම් ගත යුතුය. මේ නිසා මිනිසා ඉබේ ඇතිවූ බව කියන විශ්වාසයේ සිටින අයත් පරිනාමනය නිසා මිනිසා ඇතිවුයේ යැයි විශ්වාස කරන අයත් බෙහෙවින් ප්‍රවේසම් විය යුතුය. ඇයිද යත්, මිනිසා ඉබේ බිහිවීම පිළිබඳව මෙතෙක් කිසිවෙකු විසින් සනාත කොට නැත. එසේම පරිනාමනයෙන් මිනිසා බිහිවූ බව තවමත් ඔප්පුවී නැත. 

නබිවරුන්, දෙවියන්ගේ මිහිපිට සිටින නියෝජිතවරුන් බව සනාථ කිරීම සඳහා බොහෝ ප්‍රතිහාරයන් සිදු කොට තිබේ. ඔවුන් සිදු කල ප්‍රාතිහාරයන් දෙවියන්ගේ උදව්වෙන් මිස වෙනත් කිරීම ක්‍රමයකින් සිදු කල නොහැකි ය. උදාහරණයක් ලෙස ජේසු තුමා මළවුන්ට පණ දී නැගිට්ටෙව්වේය. එවැනි දෙයක් දෙවියන්ගේ උදව්වෙන් මිස වෙන කිසිම ක්‍රමයකින් සිදු කල නොහැක. එසේම, මුසා නබිතුමා තම සැරයටිය දෙවියන්ගේ නියමයෙන් නාගයෙකු බවට පත් කළේය. කෙසේ වෙතත් වර්තමානයේ ජිවත්වන අපට කුරානය ජීවමාන ප්‍රාතිහාරයක් බව එය හැදෑරීමෙන් දැනගත හැකිය. 

කුරානයේ සඳහන් වන අකාරයට ලෞකික ජීවිතය මිනිසාට ලැබී ඇති පරික්ෂාවකි. එබැවින් කිසිවෙකුට ඉන් ගැලවීමක් නැත. මිහිපිට ජීවිතය පරීක්ෂාවක් බැවින් ඇතැම් අය කොපමණ හොඳ කලත් දුක්ඛිත ජිවිතයක් ගත කරන්නේය. එසේම ඇතැම් අය කොතරම් වැරදි කලත් ඉතා හොඳ ජිවිත ගත කරති. එහෙත් තමන් කල දේවල් වලට කුලිය ලැබෙන්නේ මතු ජිවිතයේදීය. මරණින් මතු ජිවිතයක් නොමැති නම් මිනිස් ඝාතන මිලියන ගණන් සිදු කල හිට්ලර්, මුසලෝනි වැනි අයට දෙන දඬුවම කුමක් ද? මේ නිසා මරණයෙන් පසු ජිවිතයක් තිබිය යුතු බව පිලි නොගෙන සිටීම තාර්කික නොවේ.

මරණයෙන් මතු ජීවිතය ගැන සෑම දේව පණිවිඩයකින්ම මිනිසාව දැනුවත් කොට තිබේ. ඒ අනුව මිනිසා කරන කුසල් හෝ අකුසල් වලට කුලිය වශයෙන් ස්වර්ගය හෝ නිරය ලැබීමට නියමිතය. එම ජීවිතයට කෙළවරක් නැත. එහි සිටින කිසිවෙකු වයස්ගත වන්නේ නැත. කිසිවෙකුට ලෙඩ දුක් ඇතිවන්නේද නැත. එහි වගා කිරීමට හෝ රැකියා කිරීමට හෝ අවශ්‍ය නැත. සදාකල් තාරුණ්‍යයේ කල් ගත කරනු ඇත. මෙවැනි ජිවිතයක් අත්කර ගැනීම සඳහා මුදල් අවශ්‍ය නැත. එහෙත්, ඒ සඳහා දෙවියන්ගේ ඒකීයත්වය පිළිගෙන ඔහු පෙන්වා දී ඇති පරිදි ජිවත් වීම පමණක් ප්‍රමාණවත් වේ.


By Fasy Ajward, B.Sc(Physics Special)Hons, Japura.
Ex: Research officer at Scientific and Industrial Research Institute.


http://truepath1.blogspot.com/
Twitter:-thetrue_path




Comments

Popular posts from this blog

කුරානයේ පළමු පරිච්ඡේදයේ අරමුණ කුමක්ද? (What is the purpose of the first chapter of the Quran?)

රටවල් අතර ගැටුම් ඇති කරන අතරතුර "අපි සාමය ඇති කරන්නන්" යැයි පැවසීම විහිළුවක් නොවේද? (Isn't it funny to say "we are peacemakers" while causing conflicts between countries?)

ආගමික වටිනාකම්වලට මොකද වුණේ? (What happened to religious values?)