මස් කෑම අනුමත කරන ඉස්ලාම් ආගම සතුන් කෙරෙහි කරුණාව දක්වන්නේ කෙසේද? (How does Islam, which approves of eating meat, show kindness to animals?))


දෙවියන්ගේ සැලැස්ම අනුව පෘථිවියේ ආහාර රටා සැකසී තිබෙන්නේ එක් ජීවියෙකු තවත් ජීවියෙකුට ගොදුරු වන ආකාරයටය.. ඒ අනුව, සමහර ජීවීන් මස් මත පමණක් යැපේ. ඔවුන්ට වෙනත් කිසිවක් අනුභව කළ නොහැක. තවත් සමහර ජීවීන් ශාක මත පමණක් යැපේ. ඔවුන්ට කිසිසේත් මස් අනුභව කළ නොහැක. එහෙත් මිනිසා ඇතුළු ඇතැම් ජිවින්ට මාංශ සහ ශාක යන දෙකම ජීරණය කල හැකි අහාර ජීරණ පද්දති ලැබී තිබේ. මෙම ක්‍රියාවලිය දෙවියන්ටම මිස වෙනත් කිසිවෙකුට වෙනස්කල නොහැක. මේ නිසා දෙවියන් පහළ කොට ඇති කිසිම ආගමක සත්ව ආකාර තහනම් කොට නැත.

ඉස්ලාම් දහමින් මස් අනුභව කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇතත් සතුන්ට හිංසා කිරීම අමුමත කරන්නේ නැත. එබැවින් අහාරය පිණිස සතෙක් ඝාතනය කිරීමේදී පවා අනුගමනය කල යුතු ක්‍රියා පටිපාටියක් ඉස්ලාම් දහමින් පෙන්වා දෙන්නේය. කෙසේ වෙතත් ඇතැම් අය සතුන් ඝාතනය කිරීමේදී එම සතාගේ හිසට කුළුගෙඩි වලින් පහර දෙන්නේය. ඇතැම් විට සතා ඝාතනය කරන්නේ පොලු වලින් පහර දීමෙන් ය. තවත් සමහරු සතුන් ඝාතනය කරන්නේ දුවමින් ඇති දුම්රියකට එම සතා තල්ලු කිරීමෙන් ය. මෙවැනි ක්‍රම අනුගමනය කිරීම සඳහා ඉස්ලාම් දහමින් කිසිසේත්ම අවසර දෙන්නේ නැත. එවැනි ක්‍රම වලින් මිය ගිය සතෙකුගේ මාංශ අනුභව කිරීම පවා ඉස්ලාම් දහමින් තහනම් කොට තිබේ. 

ඉස්ලාම්, පෙන්වා දී ඇති පරිදි සතුන් ඇතිකිරීමේදී පවා උන්ට නිසි පරිදි ආහාර, ජලය, නවාතැන් සහ පශු වෛද්‍ය රැකවරණ ලබා දිය යුතුය. අනෙක් අතට තමන් ඇතිකරන සතුන්ට වධ දීම හෝ අබ්බගාත කිරීම තහනම් වේ. එක් බනු ඉස්රායිල් කාන්තාවක් බලලෙකුට කෑම නොදී හිරකර තැබීම නිසා ඌ මරණයට පත්වීම නිසා ඇය කොපමණ කුසල් කර තිබුනත් නිරයට යන බව නබිතුමා පැවසුවේය. තවත් අවස්ථාවකදී, ගණිකාවක් විසින් තිපාසිත බල්ලෙකුට වතුර ලබා දීම හේතුවෙන් ඇය සවර්ගයට යන බව නබිතුමා පැවසුවේය.

එක් දිනක් නබිතුමා සිය අනුගාමිකයින් සමග ගමනක් යමින් සිටියදී සුළු වේලාවක් සඳහා එම ස්ථානයෙන් පිටත්ව ගොස් තිබේ. එතුමා තම අවශ්‍යතාවය අවසන් කොට පැමිණි විට දැක ගත හැකි වුයේ සහාබාවරු කිහිප දෙනෙක් එම ස්ථානයේ සිටි කුරුළු පැටව් දෙදෙනෙකුව මව් කිරිල්ලියගෙන් උදුරාගෙන ඇති බවයි. මේ හේතුවෙන් මව් කිරිල්ලී උගේ පැටවුන් දෙදෙනාගේ වෙන්වීමේ ශෝකයෙන් අහසේ පියාසර කරමින් සිට ඇත. මෙම සිද්ධිය දැනගත් වහාම, නබිතුමා 'මෙම කිරිල්ලීට වේදනාව ගෙන දෙන මේ ක්‍රියාව කලේ කව්දැ'යි විමසා බලා වහාම එම කුරුළු පැටවුන් නිදහස් කරන ලෙස නියෝග කළේය (සහිහ් මුස්ලිම්). 

නබිතුමාගේ හදිසයක මෙසේ දැක්වේ. "යම්කිසිවෙකු සෙල්ලමට හෝ ගේ කුරුල්ලෙකු මරා දැමුවේ නම්, එම ගේ කුරුල්ලා විනිශ්චය දිනයේදී, ‘දෙවියනි! මොහු නිකරුනේ මාව මරා දැමුවා! ඔහු කිසිම වැදගත් කමකට මාව මැරුවේ නෑ’ යනුවෙන් පවසන බව නබි තුමා සහාබා වරුන්ට දැනුම් දුන්නේය. තවත් අවස්ථාවකදී සහාබි වරයෙක් බුරුවෙකුගේ පිටේ වාඩිවී බොහෝ වෙලාවක් තවත් සහාබි වරයෙකු සමග කතා කරමින් සිටිනු දැකීමෙන්, සතුන්ට කරුණාව දක්වන ලෙසත් උන්ව ආසනයක් ලෙස භාවිතා නොකරන ලෙසත් නබිතුමා අවවාද කළේය. වෙනත් අවස්ථාවකදී සහාබිවරයෙකු දිරා ගිය බුරුවෙකුගෙන් අධික ලෙස වැඩ ගනිමින් සිටිනු දැක නබි තුමා ඔහුට පවසා සිටියේ එම සතාගෙන් වැඩ ගන්නේ නම් ඌට නිසි ලෙස ආහාර ලබා දෙන ලෙසයි. 

ඉස්ලාම් දහම, සතුන් ඝාතනය කිසිම සඳහා අවසර ලබා දෙන්නේ කෑම සඳහා පමණක් නොව, මැලේරියා, බරවා වැනි වසංගත රෝග පැතිරී යන අවස්ථාවලදී එම මදුරුවන් විනාශ කිරීම සඳහාද අවසර දෙන්නේය. එසේම කෙනෙක් රෝගී වූ විට ප්‍රතිජීවක ඖෂධ ලබාගැනීමෙන් එම ක්‍ෂුද ජීවින් විනාශ කිරීම සඳහාද අවසර ඇත. එවැනි අවසරයක් නොතිබුනේ නම්, මිනිස් ජිවිත කියක් නම් නැතිවිය හැකිද?

By Fasy Ajward.B.Sc(PhysicsSpecial)HonsJapura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Comments

Popular posts from this blog

කුරානයේ පළමු පරිච්ඡේදයේ අරමුණ කුමක්ද? (What is the purpose of the first chapter of the Quran?)

රටවල් අතර ගැටුම් ඇති කරන අතරතුර "අපි සාමය ඇති කරන්නන්" යැයි පැවසීම විහිළුවක් නොවේද? (Isn't it funny to say "we are peacemakers" while causing conflicts between countries?)

ආගමික වටිනාකම්වලට මොකද වුණේ? (What happened to religious values?)