ඉස්ලාම් භීතිකාව (Islamophobia)




ඉස්ලාම් භීතිකාව යනු සාධාරණ හේතුවක් නොමැතිව ඉස්ලාම් දහම කෙරෙහි දක්වනු ලබන බිය සහ පිළිකුල වේ. ලෝකයේ බොහෝ ආගම් තිබියදී ඉස්ලාම් ආගම ගැන පමණක් භීතිකාවක් මවාගෙන තිබෙන්නේ ඉන් බොහෝ අයට වැරදි කිරීමට තිබෙන අවස්ථා ඇහිරී යන නිසාය. මේ හේතුවෙන් ඇතැම් අය තම පෞද්ගලික වාසි සඳහා ඉස්ලාම් භීතිකාවක් නිර්මාණය කරන්නේය. ඒ අනුව දේශපාලකයින් තම ගොඩ වැඩිකර ගැනීම සඳහාද ව්‍යාපාරිකයින් ඔවුන්ගේ සාමාජික පිරිස වැඩිකර ගැනීම සඳහාද ඉස්ලාම් භීතිකාව කරලියට ගෙන එන්නේය. 

කුරානයයෙන් ලබා දී ඇති මිනිස් අයිතිවාසිකම් ඇතැම් අයට අවාසි වන නිසා එදා සිටි ජනතාව නබිතුමාට විරෝදය පා තිබේ. උදාහරනයක් ලෙස නබිතුමා උපදින විට කාන්තාවන්ට මිනිස් අයිතිවාසිකම් තිබුනේ නැත. එහෙත් කුරානයෙන් ඔවුන්ට පිරිමින්ට මෙන් සම අයිතිවාසිකම් ලබා දුන්නේය. එය කුරෙයිෂ් වරුන්ගේ අප්‍රසාදයට හේතුවක් විය. තවද ඉස්ලාමයට පෙර ධනවතුන් විසින් දුගී ජනතාව පාගාගෙන ජිවත් විය. එහෙත් කුරානයෙන් සැමට එක සමාන අයිතිවාසිකම ලබා දුන්නේය. එය කුරෙයිෂ් වරුන්ගේ අප්‍රසාදයට හේතුවක් විය. තවද කුරානයෙන් පොලිය තහනම් කොට ඇත. එය පොළී මුදලාලිලාගේ අප්‍රසාදයට හේතුවක් විය. එසේම ඉස්ලම දහමින් මත්පැන් සම්බන්ද සියලුම දේ තහනම් කොට ඇත. මත්පැන් වෙළඳාම ජීවිකාව කරගත් අය ඊට කැමති වුයේ නැත. අදත් බොහෝ අය ඉස්ලාම් භීතිකාවෙන් පෙලෙන්නේ පෞද්ගලික හේතුන් නිසාය.
 
ඇතැම් උදවිය මුස්ලිම්වරුන්ගේ දියුණුව වැළැක්වීමට ඉස්ලාම් භීතිකාව යොදා ගන්නේය.. මේ නිසා මුස්ලිම්වරුන් ආගමේ නාමයෙන් කරන සෑම දෙයකටම ඔවුන් විරුද්ධ වෙති.  එහි ප්‍රතිපලයක් ලෙස හලාල් සහතිකයට විරුද්ධ විය. එසේම කාන්තාවන්ගේ ඇඳුමට විරුද්ධ විය. තවත් අවස්ථාවක කාති උසාවිවලට විරුද්ධ විය. එවැනි ක්‍රියාවන් නිසා මුස්ලිම්වරුන්ට නිදහසේ තම ආගම ඇදහීමට පවා නොහැකි තත්වයක් උදා විය. 

ඉස්ලාම් භිතිකාවේ පුරෝහිතයින් කොරෝනා වසංගතයට පෙර මුස්ල්ලිම් කාන්තාවන්ගේ මුහුණු ආවරණයට විරුද්ධව විශාල අරගලයක් ගෙන ගියෝය. එහි ප්‍රතිපලයක් ලෙස මුස්ලිම් කාන්තාවන්ට බැංකුවකට ගොස් තම අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට පවා බදා එල්ල විය. එදා ඔවුන් පවසා සිටියේ මුස්ලිම් කාන්තාවන්ගේ  මුහුණු ආවරණය ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවයි. කෙසේ වෙතත් කොරෝනා වසංගතයෙන් පසු එම තර්කය කුණු කුඩයට ඇද වැටුනේය. 
 
අල් කුරානයේ කිසිම තැනක ත්‍රස්තවාදය ගැන සඳහනක් නැත. එබැවින් තනි පුද්ගලයෙකු කරන ත්‍රස්තවාදී ක්‍රියාවන් වලට ඉස්ලාම් දහම වග කිව යුතු නැත. එවැනි දේවල් වලට සමත්ත මුස්ලිම් ප්‍රජාව වැරදි කරුවෝ වන්නේද නැත. එසේ තිබියදී ඉස්ලාම් භීතිකාවෙන් පෙලෙන ඇතැම් ජන මාධ්‍යය ක්‍රියා කලේ ඉතා නින්දිත අකාරයටය. 

එසේම ඉස්ලාම් භීතිකාවෙන් පෙලෙන ඇතැම් පුජකවරුන්ද අල් කුරානය පෙන්වමින් මිනිසුන්ව නොමග යැව්වේය. කිසිම දැනුමක් නොමැතිව කුරනයට අටුවා සැපයීමට කටයුතු කළෝය. කෙසේ වෙතත් ඇතැම් බුද්ධිමත් පිරිස් ඔවුන් පවසන දේවල්වල සත්‍ය අසත්‍යතාව දැනගැනීම පිණිස ඉස්ලාම් දහම හැදෑරු අතර ඉස්ලාම් දහම වැළඳ ගත්හ. 

ඇත්ත වශයෙන්ම රටක් දියුණු කිරීමට නම් ජාතිවාදය මුලින් උපුටා දැමිය යුතුය. මේ සඳහා උගතුන්ගේ සහ ආගමික නායකයින්ගේ සහය ලබා දිය යුතුව ඇත.

By Fasy Ajward. B.Sc(Special)Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Twiter:- thetrue_path






Comments

Popular posts from this blog

කුරානයේ පළමු පරිච්ඡේදයේ අරමුණ කුමක්ද? (What is the purpose of the first chapter of the Quran?)

රටවල් අතර ගැටුම් ඇති කරන අතරතුර "අපි සාමය ඇති කරන්නන්" යැයි පැවසීම විහිළුවක් නොවේද? (Isn't it funny to say "we are peacemakers" while causing conflicts between countries?)

ආගමික වටිනාකම්වලට මොකද වුණේ? (What happened to religious values?)