මද්රසා (පාසල) සහ එහි කාර්යභාරය (Madrasa (school) and its role)


පාසලට අරාබි භාෂාවෙන් මද්‍රසාව යැයි කියනු ලැබේ. අධ්‍යාපන කටයුතු සඳහා මෙවැනි පාසල් අවශ්‍ය වේ. ලෞකික අධ්‍යාපනය සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවන් සිදු කෙරුණත් ඉස්ලාමිය අධ්‍යාපනය අරාබි භාෂාවෙන් සිදු කරන්නේය. ඊට ප්‍රධාන හේතුව කුරානය සහ නබිවදන් අරාබි භාෂාවෙන් තිබීමයි. මද්රසාවක් බොහෝ විට බෞද්දයින් සඳහා ඇති දහම් පාසලට සමානය. දහම් පාසල් වල පාලි භාෂාවට මුල් තැන හිමි වන අකාරයටම මද්‍රසාහි අරාබි භාෂාවට මුල් තැන හිමි වන්නේය. 

කුරානය සහ නබිතුමාගේ හදිස් නිවැරදිව තේරුම් ගැනීම සඳහා මද්‍රසා අධ්‍යාපනය අත්‍යාවශ්‍ය වේ. දහමක් පහළ වූ භාෂාවෙන් මිස එහි නිවැරදි අර්ථය වෙනත් භාෂාවකින් ලබා ගැනීමට හැකි වන්නේ නැත. ඒ අනුව යම් ආගමක් වෙනත් භාෂාවට පරිවර්තනය කල විට එහි පරිවර්තන දෝෂ ඇතිවීම කිසිසේත්ම වැළැක්විය නොහැකිය. එම නිසා කුරානය සහ නබි වදන් හැදෑරිය යුත්තේ එහි මුල් භාෂාව වන අරාබි වලින්ම පමණි. 

ඕනෑම ආගමක පැවැත්ම සඳහා එම දහම හදාරන ලද විද්වතුන් සිටිය යුතුය. ඒ අනුව ඉස්ලාම් දහමේ පැවැත්ම සඳහා මෙම පාසල් වලින් විද්වතුන් බිහි කරන්නේය. මෙම පාසල් ගැන යම් කෙනෙකුට ගැටලුවක් තිබේ නම් ඔහු ඒවා ගැන සොයා බැලිය යුතුය. එසේ නොකට මෙම පාසල් වලට එරෙහිව කතා කිරීම බලවත් වරදකි. 

යම් විශ්වවිද්‍යාලයකින් උපාදිය ගත් කෙනෙක් වැරැද්දක් කල විට එම විශ්වවිද්‍යාලය වසා දමන්නේ නැත. ඒ වෙනුවට එම වරද්ද කල පුද්ගලයාට නීතිය ක්‍රියාත්මක කරන්නේය. එසේ තිබියදී මද්රසා පාසලකින් පිටවූ කෙනෙක් වැරැද්දක් කල පමණින් එම ආයතන සියල්ලම වසා දැමිය යුතු බව කියන්නේ නම් එහි විශාල සැකයක් තිබේ. එය ඉස්ලාම් දහම කෙරෙහි ඇති වෛරය එලි දැක්වීමකි. 

අද බොහෝ අයට ඉස්ලාම් දහම ගැන නිසි අවබෝදයක් ලැබී නැත. එම නිසා මුලින්ම කල යුත්තේ ඔවුන්ට ඉස්ලාම් දහම ගැන අවබෝදයක් ලබා දීම වේ. 

By Fasy Ajward.B.Sc(Sp.Phy)Hons.J.Pura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Twiter:- thetrue_path


Comments

Popular posts from this blog

කුරානයේ පළමු පරිච්ඡේදයේ අරමුණ කුමක්ද? (What is the purpose of the first chapter of the Quran?)

රටවල් අතර ගැටුම් ඇති කරන අතරතුර "අපි සාමය ඇති කරන්නන්" යැයි පැවසීම විහිළුවක් නොවේද? (Isn't it funny to say "we are peacemakers" while causing conflicts between countries?)

ආගමික වටිනාකම්වලට මොකද වුණේ? (What happened to religious values?)