උඩඟුකම නිසා ස්වර්ගය අහිමි වන්නේ ඇයි? (Why is heaven lost because of pride?)


ස්වර්ගය වාසස්ථානය කරගෙන සිටි සාතන්ගේ විනාශයට මුලික හේතුව වුයේ උඩඟු කමයි. හදිසයක දැක්වෙන අන්දමට කෙනෙකුගේ සිතේ සුළු ප්‍රමාණයක් හෝ උඩඟු කම තිබුනේ නම් ඔහු ස්වර්ගයට යන්නේ නැත. උඩඟු කම යනු කෙනෙක් තවත් කෙනෙකුව පහත්කොට සැලකීම වේ. එසේම සත්‍යයට පිටුපෑමද උඩඟු කමේ තවත් එක් ලක්ෂණයකි.

ආදම්තුමාව මුල්වරට මැවීමෙන් පසු ඔහුට නමස්කාර කරන ලෙස සියලුම දේවදුතයින් හට අණ කරනු ලැබීය. කෙසේ වෙතත් එම නියෝගය සියලුම දේවදුතයින් ඉටු කල අතර සාතන් පමණක් ප්‍රතික්ෂේප කලේය. ඊට හේතු විමසු අවස්ථාවේදී සාතන් පවසා සිටියේ තමන්ව ගින්නෙන් මවා ඇති නිසා මැටියෙන් මවන ලද ආදම් තුමාට නමස්කාර නොකළ බවයි. ඇත්ත වශයෙන්ම එම අවස්ථාවේදී ඔහු කල යුතුව තිබුනේ තමන්ට එම නියෝගය ලබා දුන් අල්ලාහ්ගේ අණට කීකරු වීමයි. ඔහු කල වරද නිසා සිදු වුයේ සදහටම ඔහුට ස්වර්ගය අහිමි වීමය. 

කෙනෙකුගේ සිත තුල අංශු මාත්‍රයක තරම්වත් උඩඟු කම තිබුනේ නම් ඔහුට ස්වර්ගය නොලැබෙන බව සහිහ් මුස්ලිම් ග්‍රන්ථයේ සඳහන් වේ. සාතන් මේ සඳහා කදිම උදාහරණයකි. මිනිසාට අවවාද කිරීම පිණිස එම කරුණ නැවත නැවතත් අල් කුරානය තුල සඳහන් කොට තිබේ. එසේ තිබියදීත් බොහෝ අය උඩඟු කමින් පෙළෙන්නේ මමත්වය නිසාය. එහි ප්‍රතිපලයක් ලෙස ඔවුන්ට සදහටම ස්වර්ගය  අහිමි වන්නේය.

උඩඟු කම හේතුවෙන් ඇතැම් උදවිය දෙවියන් පිලිබඳ සත්‍යය දුටුවත් එය පිළිගන්නේ නැත. උදාහරණයක් ලෙස ඊජිප්තුවේ රජකම් කල පාරාවෝ තමන්ව දේවත්වයට ඔසවා ගත්තේය. එසේ තිබියදී දෙවියන් ඔහු වෙත නබිවරුන් දෙදෙනෙක්ම යවා සත්‍යය පහදා දීමට කටයුතු කළේය. එහෙත් පාරාවෝ තම උඩඟුකම නිසා එම නබිවරුන් දෙදෙනාගේ අරාදනය ප්‍රතික්ෂේප කලේය. එහි ප්‍රතිපලය වුයේ ඔහුව දියේ ගිල්වා විනාශයට පත් කිරීමයි.

දෙවියන්ට අවනත වුවන් හට ස්වර්ගය හිමිවන බව කුරානයේ මෙසේ සඳහන් වේ. "යම් කෙනෙක් පොළොවෙහි උඩඟුකමද, කලහයද නොකරයිද ඔවුනට අපි එලෝ නිවස (ස්වර්ගය) උරුම කර දෙන්නෙමු" (කුරානය 28:83). කුරානයේ තවත් තැනක මෙසේද සඳහන් වේ. "අර්රහ්මාන්ගේ ගැත්තන් පොළොවෙහි නිහතමානිව ඇවිදින්නෝය. දැනුම නොමැත්තන් ඔවුන් සමග තර්ක කලේ නම්, 'සලාම්' යැයි (ඔවුන්) පවසන්නෝය" (කුරානය 25:63). 

බොහෝ අය තම උඩඟු කම නිසාම සත්‍යය අවබෝද කර ගැනීමට උනන්දු වන්නේ නැත. එසේ තිබියදී ඔවුන් සිතන්නේ තමන් නිවැරදි මාර්ගයේ සිටින බවයි. මෙම ක්‍රියාව ඔවුන්ගේ මතු ජිවිතයට විශාල හානියකි. එය නිවැරදිව වටහා ගන්නේ නම් නිමක් නැති ස්වර්ගයට හිමිකම් කිව හැකිය. එහෙත් එසේ කරන්නේ ඉතා සුළු පිරිසකි. 

By Fasy Ajward.B.Sc (Sp.Phy) Hons.Jpura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

https://www.facebook.com/thetruepathofislam
Twiter:- thetrue_path





Comments

Popular posts from this blog

කුරානයේ පළමු පරිච්ඡේදයේ අරමුණ කුමක්ද? (What is the purpose of the first chapter of the Quran?)

රටවල් අතර ගැටුම් ඇති කරන අතරතුර "අපි සාමය ඇති කරන්නන්" යැයි පැවසීම විහිළුවක් නොවේද? (Isn't it funny to say "we are peacemakers" while causing conflicts between countries?)

ආගමික වටිනාකම්වලට මොකද වුණේ? (What happened to religious values?)