සමලිංගිකත්වය පිළිබඳ ඉස්ලාමීය දැක්ම (Islamic view of homosexuality)



ඉස්ලාමිය විද්වතුන්ගේ ඒකමතික නිගමනය වනුයේ සමලිංගික සේවනය තහනම් බවයි. එය කුරානයෙන්ද නබි වදන්වලින්ද සමස්ත මුස්ලිම්වරුන්ගේ ඒකමතික තීරණය අනුවද සනාථ කොට ඇත. මෙම ක්‍රියාව ස්වභාවික නීතියටද පටහැනි වේ.

සම ලිංගික ඇසුර ලුත් නබිතුමාගේ කාලයේ ජීවත්වූ ජනතාව අතර දක්නට තිබුනේය. ඒ අනුව එම ජනයා කාන්තාවන් වෙනුවට පිරිමින් සමග තම ලිංගික ආශාවන් සපුරා ගැනීමට පෙළඹී තිබේ. මෙම අනර්ථ ක්‍රියාව ඊට පෙර කිසිවෙකු විසින් සිදු කොට නැත. එම ජනතාවට අවවාද කිරීම පිණිස ලුත් නබිතුමා පැමිණ තිබේ. ඔහු කොපමණ අවවාද කලත් එම ජනයා එම වැරැද්දේම නියැලී සිටියහ. 

"ලූත්, සිය සමුහයා වෙත (ගොස්): 'නුඹලාට පෙර ලොවැසියන් කිසිවෙකු නොකළ ලැජ්ජා සහගත දෙය නුඹලා කරමින් සිටින්නේහු දැයි (ඇසු බව සිතා බලන්න). ඇත්ත වශයෙන්ම නුඹලා ස්ත්‍රින්ව හැර දමා පිරිමින් වෙතට (කාම) ආශාවන් වෙනුවෙන් යන්නේහුය. තවද, නුඹලා සීමාව ඉක්මවූ කණ්ඩායම වන්නෙහුය" (කුරානය 7:80-81).

දිගින් දිගටම එම වරදේ නියැලී සිටිම නිසා ඔවුන් මතට ගල් වරුසාව වස්සවා විනාශ කල බව මෙම කුර්ආන් වැකියෙන් දැක ගත හැකිය. "අපි ඔවුන් මත (ගල්) වර්ෂාව වැස්සුවෙමු. වැරදිකරුවන්ගේ අවසානය කුමක් වුයේදැයි (නබි) නුඹ බලන්න"(කුරානය 7:84). සමලින්ගික සේවනයේ යෙදෙන අයට මුහම්මද් සල්ලල්ලාහු අලෙහිවසල්ලම් තුමාද මෙසේ ශාප කළේය. "දෙවියනි! ලුත්ගේ ජනතාව කල වරද කරනවුන්ට ශාප කරනු මැනව!" එතුමා තුන්වතාවක්ම එසේ පැවසීය.

ෂරියා නීතියෙන් සමලිංගිකයින්ට දැඩි දඬුවම් නියම කොට තිබේ. ඒ අනුව ඔවුන්ට මරණිය දඬුවම හිමිවේ. මෙවැනි දඬුවම් නිසා සමාජයේ ජිවත්වන සෙසු ජනතාවට සමාජ රෝග වලින් ආරක්ෂාව සැලසෙනු ඇත. 

මිනිසා හැර ලොව සිටින අනෙකුත් ජීවින් දෙවියන් නියම කොට ඇති ස්වභාවික ක්‍රම මගින් තම ලිංගික අවශ්‍යතා ඉටු කර ගන්නේය. එහෙත් දහමකට හිමිකම් කියන මිනිසා එම ක්‍රමයට පිටුපා ක්‍රියා කිරීම මහත් ඛේදවාචකයකි. 

   
By Fasy Ajward.B.Sc (physics special) Hons.Japura.
Ex: Research officer at former Ceylon Institute of Scientific and Industrial Research.

Comments

Popular posts from this blog

කුරානයේ පළමු පරිච්ඡේදයේ අරමුණ කුමක්ද? (What is the purpose of the first chapter of the Quran?)

රටවල් අතර ගැටුම් ඇති කරන අතරතුර "අපි සාමය ඇති කරන්නන්" යැයි පැවසීම විහිළුවක් නොවේද? (Isn't it funny to say "we are peacemakers" while causing conflicts between countries?)

ආගමික වටිනාකම්වලට මොකද වුණේ? (What happened to religious values?)