අලුත් අවුරුදු සැමරීම ගැන ඉස්ලාම් පවසන්නේ කුමක්ද? (What does Islam say about celebrating New Years?)



ඉස්ලාම් දහම අනුව මුස්ලිම්වරුන්ට ආගමික වටිනාකමකින් සැමරිය හැක්කේ රමළාන් උත්සවය සහ හජ් උත්සවය පමණි. මේ හේතුවෙන් ඉස්ලාමීය දින සර්ශනයේ එන මුහර්රම් පළමු දිනය සැමරීමත් වරදකි. 

දින දර්ශන නිර්මාණය කොට තිබෙන්නේ කාලය නිර්ණය කිරීම සඳහාය. ඒ අනුව ඈත ඉතිහාසයේ සිටම නොයෙකුත් දින දර්ශන භාවිතා කොට තිබේ. ඒ අනුව ලෝකයේ ඇති පැරණිම දින දර්ශනයට වසර හාරදහසක් පමණ වේ. ඒ හැරුණු විට රෝමාවරුන් භාවිතා කළ ජුලියර් සීසර් දින දර්ශනය ක්‍රි. පු. 45 දී නිර්මාණය කරන ලද්දකි. කෙසේ වෙතත් ලෝකයේ වැඩියෙන්ම භාවිතා වන්නේ ග්‍රිගොරියස් දින දර්ශනයයි. එම දින දර්ශනය පසු කාලයේදී කිතුනු දහම සමග බැඳීමක් ඇතිකරගෙන තිබේ. 

ඉතිහාසය දෙස බලන කල බොහෝ දින දර්ශන සමග ආගමික සම්බන්දයක් දැක ගත හැකිය. මේ හේතුවෙන් බොහෝ දින දර්ශන නිර්මාණය කොට තිබෙන්නේ ඒ ඒ ආගම් වලින් විය යුතුය. උදාහරණයක් ලෙස බෞදයින් සඳහා ඔවුන්ගේම දින දර්ශනයක් තිබේ. එසේම මුස්ලිමරුන් සඳහා ද වෙනමම දින දර්ශනයක් ඇත. එම දින දර්ශණය නිර්මාණය කොට තිබෙන්නේ නබිතුමාගේ අභාවයෙන් පසුය. ඉස්ලාමීය දින දර්ශනය ආරම්භ වන්නේ නබිතුමාගේ හිජ්රත් ගමන පාදක කර ගෙනය. කෙසේ වෙතත් ඉස්ලාම් දහම තුල වසරේ ආරම්භය සැමරීම සඳහා කිසිම ආගමික වටිනාකමක් නැත. 

මුස්ලිම්වරයෙකුගේ සෑම ක්‍රියාවක්ම දහම සමග බද්ද වී තිබේ. මේ හේතුවෙන් කුරානයේ හෝ හදිස් වල පෙන්වා නොමැති දින දර්ශන මුල්කරගෙන  උත්සව සැමරීම වරදකි. එවැනි සැමරීම් සඳහා වැය කරන කාලයටත් මුදලටත් විනිශ්චය දිනයේදී අල්ලාහ් හමුවේ වගකිව යුතු වන්නේය.

By Fasy Ajward. B.Sc (Special) Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Comments

Popular posts from this blog

කුරානයේ පළමු පරිච්ඡේදයේ අරමුණ කුමක්ද? (What is the purpose of the first chapter of the Quran?)

රටවල් අතර ගැටුම් ඇති කරන අතරතුර "අපි සාමය ඇති කරන්නන්" යැයි පැවසීම විහිළුවක් නොවේද? (Isn't it funny to say "we are peacemakers" while causing conflicts between countries?)

ආගමික වටිනාකම්වලට මොකද වුණේ? (What happened to religious values?)