මුස්ලිම් පල්ලියේ කාර්යභාරය කුමක්ද? (What is the role of the mosque?)

සෑම ජාතියකටම ඔවුන්ගේ නැමදුම් කටයුතු සිදු කිරීම සඳහා දේවස්ථාන තිබේ. ඒවා නොයෙකුත් නම් වලින් හඳුන්වනු ලැබේ. මුස්ලිම්වරුන්ගේ දේවස්ථානය නම් කොට තිබෙන්නේ මස්ජිදය ලෙසය. මස්ජිදයක තිබෙන විශේෂත්වය වන්නේ එහි දේව රූප හෝ පිළිම කිසිවක් නොමැති වීමයි. මස්ජිදයක් ඉතා සරලය. එහි ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ නගරයේ සිටින අය එකතුවී පාස්වෙලා සලාතය සාමුහිකව ඉටු කිරීම ය. 

ලෝකයේ ඇති සෑම මස්ජිදයක්ම නිර්මාණය කොට තිබෙන්නේ කාබාව දෙසට මුහුණලාය. ඒ අනුව මුස්ලිම්වරුන්ට පහසුවෙන්ම කාබාව දෙසට මුහුණලා සලාතය ඉටු කිරීමට හැකි වන්නේය. 

කාබාව ලෝකයේ ඇති ඉපැරණිම දේවස්ථානය වේ. එය මුලින්ම නිර්මාණය කලේ ඉබ්‍රාහිම් නබි තුමා සහ ඔහුගේ පුත් ඉස්මායිල් නබි තුමා විසින් ය. එය කළු ගලින් නිර්මාණය කොට ඇති හතරැස් ගොඩනැගිල්ලකි. අනෙක් ගොඩනැගිලි මෙන් නොව කාබාව පුරාණයේ සිටම කිස්වා නමැති රෙද්දකින් ආවරණය කොට තිබේ. හජ් වන්දනාවේ යන සෑම බැතිමතෙක්ම කාබාව වටා තවාෆ් කිරීම උතුම් කුසල් ක්‍රියාවකි.
   
කාබා දේවස්ථානයෙන් පසු වැදගත් ස්ථානයක් උසුලන්නේ මස්ජිදුල් නබවි යන දේවස්ථානය වේ. එය මුලින්ම නිර්මාණය කරනු ලැබුවේ මුහම්මද් නබිතුමා ය. එබැවින් එය මස්ජිදුල් නබවි ලෙස නම් කොට තිබේ. ඉන් පසු වැදගත් තැනක් හිමි වන්නේ ජෙරුසලමේ පිහිටි මස්ජිදුල් අක්සා දේවස්ථානයට වේ. එය නිර්මාණය කරනු ලැබුවේ සුලෙයිමාන් නබි තුමාය. 

කාබාවේ සිදු කරන්නාවූ කුසලකට සාමාන්‍ය මස්ජිදයකදී සිදු කරනු ලබන්නාවූ කුසල් මෙන් සිය දහස් වාරයක් වැඩියෙන් කුසල් ලැබේ. එසේම මස්ජිදුල් නබවි දේවස්ථානයේදී සිදු කරනු ලබන්නාවූ කුසලකට සාමාන්‍ය මස්ජිදයකදී කරනු ලබන කුසල් මෙන් දහස්වාරයක් වැඩියෙන් කුසල් ලැබේ. එසේම මස්ජිදුල් අක්සා දේවස්ථානයේදී සිදු කරනු ලබන්නාවූ කුසලකට සාමානය දේවස්ථානයකදී සිදු අරනු ලබන්නාවූ කුසල් මෙන් පන්සිය වාරයක් වැඩියෙන් කුසල් ලැබේ. අනෙක් සෑම දේවස්තනයක්ම සාමාන්‍ය ඒවා වේ.
   
නබිතුමා ජිවතුන් අතර සිටියදී නැමදීමට අමතරව මුස්ලිම්වරුන්ගේ සෑම වැදගත් කාර්යයක්ම සිදු කරනු ලැබුවේ මස්ජිදය තුලය. ඒ අනුව ඇතැම් අවස්ථාවලදී එහි සිරකරුවන් රඳවා තිබේ. නබිතුමා සහාබාවරුන්ට දහම දේශනා කලේද මස්ජිදය තුල දීය. 
    
සෑම මස්ජිදයකම සලාතය ඉටු කරන වෙලාව දැනුම් දීම සඳහා 'අzසාන්' පවසන්නේය ය. එහි විශේෂත්වය වන්නේ අරාබි බසින් පමණක් එය සිදු කිරීමයි. මේ නිසා මුස්ලිම්වයෙකුට විදේශ රටකදී පවා පහසුවෙන් සලාතයේ වෙලාව දැනගත හැකි වේ. අසාන් පැවසීම අරාබි භාෂාව වෙනුවට ඒ ඒ රටවල් වලට ආවේනික භාෂාවලින් සිදු කලේ නම් විදේශයකදී එය තේරුම් ගැනීම සඳහා එම රටවල් වල භාවිතා වෙන භාෂාව දැන ගෙන සිටිය යුතුය. 

 'අzසාන්' සහ එහි සිංහල වරිවර්තය පහත දැක්වේ. 

අල්ලාහු අක්බර් (අල්ලාහ් ශ්‍රේෂ්ටයාය - හතර වතාවක්)
අශ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලා (අල්ලාහ් හැර වෙන දෙවිකෙනෙක් නැතැයි මා සාක්‍ෂි දරමි - දෙවතාවක්)
අශ්හදු අන්න මුහම්මදර් රසුලුල්ලාහ් (මුහම්මද් නබිතුමා අල්ලාහ්ගේ දුතයා බවට මා සාක්‍ෂි දරමි - දෙවතාවක්)
හයියාලස් සලාහ් (සලාතය සඳහා වහා පැමිණෙනු - දෙවතාවක්)
හයියාලල් ෆලාහ් (ජයග්‍රහණය සඳහා වහා පැමිණෙනු - දෙවතාවක්)
අස්සලතු කෛරුම් මිනන් නෞම් (නින්දට වඩා නැමදීම උතුම්ය - දෙවතාවක්, මෙය උදෑසන සලාතය සඳහා පමණි)
අල්ලාහු අක්බර් (අල්ලාහ් ශ්‍රේෂ්ඨයය - දෙවතාවක්)
ලා ඉහාල ඉල්ලල්ලා (අල්ලාහ් හැර වෙන දෙවිකෙනෙක් නැත - එක් වතාවක්)

මෙම අසාන් මගින් ජනයාට සලාතයේ වෙලාව දැනුම් දෙන්නේය. එවිට ඊට සවන් දෙන අය මස්ජිදය වෙත පැමිණ සාමුහිකව සලාතය ඉටු කරනු ලැබේ.

By Fasy Ajward.B.Sc (Physics Special) Hons.Japura
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

https://www.facebook.com/thetruepathofislam
Twiter:- thetrue_path


Comments

Popular posts from this blog

කුරානයේ පළමු පරිච්ඡේදයේ අරමුණ කුමක්ද? (What is the purpose of the first chapter of the Quran?)

රටවල් අතර ගැටුම් ඇති කරන අතරතුර "අපි සාමය ඇති කරන්නන්" යැයි පැවසීම විහිළුවක් නොවේද? (Isn't it funny to say "we are peacemakers" while causing conflicts between countries?)

ආගමික වටිනාකම්වලට මොකද වුණේ? (What happened to religious values?)