කුරානයේ පළමු පරිච්ඡේදයේ අරමුණ කුමක්ද? (What is the purpose of the first chapter of the Quran?)
අල් කුරානයේ ඉතා දීර්ඝ සහ ඉතා කෙටි පරිජ්ජේද 114 ක් අඩංගු වේ. එම පරිජ්ජේද අතරින් මුල්ම පරිජ්ජේදය වන්නේ වාක්ය හතකින් සමන්විත ෆාතිහා සුරාව යි. එම පරිජ්ජේදයෙන් කුරානයේ සාරාංශය ඉතා මැනවින් ගෙන හැර දක්වා ඇති බව ඉස්ලාමිය විද්වතුන්ගේ මතය වේ. එම පරිජ්ජේදය පහත දැක්වේ. " අසීමිත කරුනාවන්තයාවුද අසම දයාවන්තයාවුද අල්ලාහ්ගේ නාමයෙන් (ආරම්භ කරමි). සියලු ප්රසංශා සකල ලෝකයම මවා පාලනය කරන්නාවූ අල්ලාහ්ටමය. (ඔහු) අසීමිත කරුනාවන්තයාය , අසම දයාවන්තයාය. විනිශ්චය දිනයෙහි අධිපති (ඔහුය). (ඕ අල්ලාහ්!) අපි නුඹවම නමදිමු. නුඹගෙන්ම උදවු පතමු. නුඹ අපව ඍජු මගෙහි යවනු මැනව. (එම මාර්ගය කෙසේද යත්) නුඹ කව්රුන් කෙරෙහි දායාදය පිරිනැමුවේද ඔවුන්ගේ මගය. (එය නුඹගේ) කෝපයට ලක්වුවන්ගේද , නොමග ගියවුන්ගේද මග නොවේ" මෙම පරිජ්ජේදය අල්ලාහ්ට අයත් ඉතා වැදගත් ගුණාංගයන් දෙකකින් ආරම්භ කොට තිබේ. අල්ලාහ්ට එවැනි ගුණාංගයන් නොතිබුනේ නම් වැරදි කරන අයට එවෙලේම දඬුවම් කිරීමට ඉඩ තිබුනේය. මිනිසා කරන වැරදි වලට එවෙලේම දඬුවම් නොකිරීම නිසා කෙනෙකුට අවශ්ය නම් මරණයට පෙර නිවැරදි මාර්ගය වෙත හැරීමට අවස්තාව ලැබෙන්නේය. කුරානයේ අරමුණ මිනිසාට නිවැරදි මාර්ග...
Comments
Post a Comment