දෙවියන්ගේ දඬුවම් ප්‍රමාද වන්නේ ඇයි? (Why divine punishments are delayed?)



මිනිසා සහජයෙන්ම වැරදි කරන්නේය. එම වැරදි කොතරම් විශාල වුවත් දෙවියන්ගේ සමාව ඊට වඩා විශාලය. මේ නිසා වැරදි කරන කිසිවෙකු අල්ලාහ්ගේ සමාව කෙරෙහි බලාපොරොත්තු සුන් කර ගත යුතු නැත. නබි තුමා පැවසුවේ අල්ලාහ්ගේ කරුණාව මවකගේ කරුණාවට වඩා හැත්තෑ වාරයක් විශාල බවයි. මේ නිසා මොන තරම් වැරදි කලත් අලාහ්ගේ සමාව ගැන බලාපොරොත්තු තැබිය යුතුය. එසේ නොවුයේ නම් වැරදි කරන කිසිවෙකුට ස්වර්ගය ගැන බලාපොරොත්තු තැබීමට හැකි වන්නේ නැත. 

මිනිසා කරන බොහෝ පව් දෛනිකව සිදු කරන්නාවූ සලාතය නිසාද උපවාසය නිසාද දානමය පින්කම් නිසාද හජ් වන්දනය නිසාද මැකී යන්නේය. කෙසේ වෙතත් මහා පාපයන්ට සමාව අයැදිය යුතුම වේ. ඒ අනුව අල්ලාහ්ට සමානයන් තබා තිබුනේ නම් ඉන් ගැලවීමට හැකි වන්නේ තමන් කල වරදින් මිදී පසුතැවිලි වීමෙන් පමණි. මෙවැනි අවස්තාවක් හිමි වන්නේ අල්ලාහ් මිනිසා කරන වැරදි වලට එවෙලේම දඬුවම් නොකරන නිසාය. 

අල්ලාහ්ට අවශ්‍ය නම් වැරදි නොකරන මිනිසුන් මැවීමට බැරි කමක් නැත. කෙසේ වෙතත් ඔහු උවමනාවෙන්ම මිනිසාව මවා තිබෙන්නේ හරි හෝ වැරදි කිරීමට හැකියාවත් සමගය. මේ නිසා මිනිසා උත්සාහ කරන්නේ නම් දේවදුතයින්ට වඩා උසස් විය හැකිය. එසේ වන්නේ මිනිසාට වැරදි කිරීමට හැකියාව තිබියදීත් හරි දේ කිරීම නිසාය. මිනිසාට මෙන් නොව දේවදුතයින්ට වැරදි කල නොහැකිය. එබැවින් ඔවුන් කරන ක්‍රියාවන්ට විශේෂ ඇගයීමක් සිදු කරන්නේ නැත. 

මුහම්මද් නබිතුමාගේ පැමිණීමට පෙර ජීවත්වූ ජනතාව සීමාව ඉක්මවා වැරදි කරන විට මෙලොවදීම විනාශයට පත් කරනු ලැබුවේය. උදාහණ ලෙස නුහ් නබිතුමාගේ කාලයේදී ඇතිවූ මහා ජලගැල්ම, ලුත් නබිතුමාගේ කාලයේදී ඇතිවූ ගල් වරුසාව පෙන්වා දිය හැකිය. එම විනාශයන්ගේ නටබුන් අදටත් ඉතිරි කොට තිබෙන්නේ මිනිසාට පාඩමක් සඳහාය. 

කෙසේ වෙතත් දෙවියන්ගේ දඬුවම් ප්‍රමාද වීම නිසා ඇතැම් අය සිතන්නේ මිනිසා කරන වැරදි වලට දඬුවම් කිරීම සඳහා කිසිවෙකු නැති බවයි. එය සාතන්ගේ මුලාවකි. ඒ බව ඔවුන් දැනගන්නේ මරණාසන්න මොහොතේදී දෙවදුතයින් පැමිණ ඔවුන්ගේ ප්‍රාණය අත්පත් කර ගන්නා විටදීය. එම අවස්තාවේදී ඔවුන්ගේ ඇස්වලට දමා තිබුණු තිරය ඉවත් කරනු ලැබේ. එම මොහොත දක්වා බලා සිට දුක් වීමෙන් කිසිම පලක් නැත. මේ නිසා දෙවියන් ලබා දුන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් අය එම අවස්ථාව පැමිණි විට ප්‍රමෝදයට පත් වනු නොඅනුමානය. 

By Fasy Ajward.B.Sc(PhysicsSp)Hons.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
https://www.facebook.com/thetruepathofislam
http://truepath1.blogspot.com/



Twiter:- thetrue_path

Comments

Popular posts from this blog

කුරානයේ පළමු පරිච්ඡේදයේ අරමුණ කුමක්ද? (What is the purpose of the first chapter of the Quran?)

රටවල් අතර ගැටුම් ඇති කරන අතරතුර "අපි සාමය ඇති කරන්නන්" යැයි පැවසීම විහිළුවක් නොවේද? (Isn't it funny to say "we are peacemakers" while causing conflicts between countries?)

ආගමික වටිනාකම්වලට මොකද වුණේ? (What happened to religious values?)