මරණයෙන් පසු ජීවිතය සඳහා සූදානම් විය යුත්තේ ඇයි? (Why should one prepare for life after death?)
සෑම ප්රධාන ආගමකම මරණයෙන් පසු ජිවිතය ගැන පවසා තිබේ. එහෙත් සමහරුන් මෙලොව ජීවිතයෙන් ඔබ්බට වෙනත් ජීවිතයක් නැතැයි සිතති; එහි ප්රතිඵලයක් ලෙස ඔවුහු එවැනි ජීවිතයක් සඳහා සූදානම් වන්නේ නැත. තවත් සමහරු මරණයෙන් පසු ජීවිතයක් ඇතැයි විශ්වාස කළද, ඒ සඳහා සූදානම් වන්නේ නැත. මේ නිසා මේ දෙපිරිසම මරණයෙන් පසු විශාල පාඩුවක් ලැබීමට නියමිතය.
මව් කුසේ සිට මෙලොවට පැමිණීමත් මෙලොව සිට පරලොව යෑමත් අතර විශාල වෙනසක් තිබේ. මව් කුසේදී කෙනෙකුට ජිවත් වීම සඳහා අවශ්ය වන්නේ පෙකෙනි වැල පමණි. එහෙත් මව් කුස තුලදී අවශ්ය නොවන ඇස් කන් නාසය අත්පා වැනි බොහෝ අවයවයන් ඔහුට ලැබී තිබේ. කෙසේ වෙතත්, ඒවා අවශ්ය වන්නේ ලෞකික ජීවිතයේදී ය. ඒ බව දැනගෙන ඒවා ලබා දුන්නේ කවුරුන්ද? තවද, අලුත උපන් බිළිඳෙකු ඝන ආහාර අනුභව කරන්නේ නැත; එසේ නම්, දරුවාට සුදුසු ආහාරය—උපන් මොහොතේදීම—මවගේ පියයුරු තුළ නිර්මාණය කළේ කවුරුන්ද? මේවා ගැන මිනිසා සිතා බැලිය යුතු නොවේද?
මිනිසාව නිර්මාණය කල දෙවියන්, මනුෂ්ය ජීවිතයේ අරමුණ හෙළිදරව් කිරීම සඳහා, දහම් පණිවිඩ රැගත් විශේෂ දූතයන්ව මෙලොවට එවා ඇත. එසේ පැමිණි දහම් පණිවිඩ අතරින් මුසා නබි තුමාට පහළ කරන ලද බෛබලයේ පැරණි ගිවිසුමද, ජේසු තුමාට පහළ කරන ලද බෛබලය ද මුහම්මද් නබි තුමාට පහළ කරන ලද කුරානයද ප්රධාන තැනක් ගන්නේය. එහෙත් කිසිම වෙනසකට ලක් නොවී පවතින එකම පුස්තකය කුරානයයි. එය මිනිස් නිර්මාණයක් නොවන බව තහවුරු කිරීම සඳහා අවශ්ය සාදක එය තුලින්ම ලබා දී තිබේ. තවද එහි නිවැරදි තාවය උරගා පැලීමට අවශ්ය විද්යාත්මක පදනම කුරානය තුලම ගැබ්වී තිබේ. එබැවින් කුරානයෙන් පෙන්වා දෙන දේවල් කිසිම සැකයකින් තොරව පිළිගත හැකිය.
අල් කුරානය පෙන්වා දෙන ආකාරයට ලෞකික ජීවිතය පරික්ෂාවකි. එම පරික්ෂාවේ ප්රතිපල අනුව මතු ජීවිතය තීරණය වේ. “සෑම ආත්මයක්ම අනිවාර්යයෙන්ම
මරණය භුක්ති විඳින්නෝය. හොඳ හා නරක ක්රියාවන් කල හැකි තත්වයෙන් අපි ඔබව (තබා) පරීක්ෂා
කරන්නෙමු. පසුව ඔබව අප වෙත ගෙනෙනු ලබන්නෙමු” (කුරානය 21:35). එහෙත් බොහෝ අය මතු ජීවිතය ගැන අවදානය යොමු නොකර සිටීමෙන් පසු මරණ මංචකයේදී මෙසේ පවසන බව කුරානය පෙන්වා දෙන්නේය. “(අල්ලාහ්ට වෙනත් දේ
සමාන කරමින් සිට මරණයට පත්වන) ඔවුන්ගෙන් එක් අයෙකුට මරණය ළඟාවූ අවස්ථාවේ දී ඔහු, 'මගේ දෙවියනි! මාව නැවත (මනු ලොවට) හරවා යවනු මැනව'යි පවසන්නේය" තවද 'එසේ
කිරීමෙන් මා හැර පැමිණි සියලුම සත් ක්රියාවන් කරන්නෙමි'යි පවසන්නේය. නැත! එය
නිකම්ම පුහු වදනක් පමණි; ඔවුන් විනිශ්චයට කැඳවනතෙක් ඔවුන් පිටුපසින් බාධකයක් දමනු
ලැබ ඇත්තේය” (කුරානය 23:99,100).
මිනිසා උපදින්නේ ඉතාමත් දුර්වල ජීවියෙකු ලෙස ය. එහෙත් අනෙක් බොහෝ සතුන් උපදින අවස්ථාවේදීම මිනිසාට වඩා ඉදිරියෙන් සිටින්නේය. ඒ අනුව එම සතුන් උපන් අවස්ථාවේ සිටම තම අහාර තමා විසින්ම සොයා ගැනීමට සමත් වේ. එහෙත් මිනිසාට වෙනත් අයගේ පිහිට අවශ්යය. මෙම මිනිසා වැඩුණු පසු දෙවියන්ට අභියෝග කරන්නේ තමන්ගේ මුල අමතක වීම නිසා ය. එහි ප්රතිපලය වන්නේ නිමක් නැති අනන්ත ජිවිතය විනාශ කර ගැනීම වේ.
By Fasy Ajward, B.Sc(PhysicSpecial)Hons.Japura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research. https://www.facebook.com/thetruepathofislam
http://truepath1.blogspot.com/
Twiter:- thetrue_path

ihatha katha manan kalpitha
ReplyDelete