දෙවියන්ගේ ආඥාවන් කෙරෙහි විශ්වාසය තැබීම (Believing in the Divine Decree)



දෙවියන්ගේ ආඥාවන් යන්නෙන් අදහස් කරනු ලබන්නේ හොඳ හෝ නරක දෙවියන්ගේ කැමැත්ත අනුව සිදුවන බව විශ්වාස කිරීමයි. ඔහු ඔහුගේ අභිමතය පරිදි සියල්ල සැලසුම් කරන්නේය. මේ නිසා ඔහුගේ කැමැත්ත නොමැතිව විශ්වය තුල කිසිම දෙයක් සිදු වන්නේ නැත.

හොඳ හෝ නරක අල්ලාහ්ගේ කැමැත්ත අනුව සිදුවන බව විශ්වාස කිරීම ඉස්ලාම් දහමේ ප්‍රධාන කරුණු හයෙන් එකකි. ඒ අනුව සෑම මුස්ලිම්වරයෙකුම මෙම කරුණ විස්වාස කිරීම අනිවාර්‍ය වේ. මෙම කරුණ විස්වාස නොකරන තැනැත්තා මුස්ලිම් වරයෙකු වන්නේ නැත. 

අහසෙහිද පොළොවෙහිද අංශුමාත්‍රයක දෙයක් පවා සිදු වන්නේ අල්ලාහ්ගේ අනු දැනුම ඇතුවය. කෙසේ වෙතත් අල්ලාහ් ඔහුගේ සුවිශේෂී මැවීම් දෙකක් වන මිනිසාට සහ ජින් වරුන්ට ස්වයං තීරණ ගැනීමේ නිදහස ලබා දී තිබෙන බැවින් ඔවුන්ට දෙවියන් මවා ඇති මාර්ග දෙකින් කැමති මාර්ගයක් තෝරා ගැනීමේ හැකියාව ලැබෙන්නේය. එසේ තිබියදී දෙවියන් ඔහුගේ ප්‍රඥාව අනුව ඇතැම් අයව නිවැරදි මාර්ගයේද ඇතැම් අයව වැරදි මාර්ගයේද යවන්නේය. 

මිනිසාව මැවීමට පෙර ඔහුගේ ජිවිතයට අවශ්‍ය සියළුම දේවල් දෙවියන් නියම කොට අවසානය. ඒවා ලබා ගැනීමේදී අනුගමනය කරන ක්‍රමවේදය අනුව මිනිසාට පින් හෝ පව් එකතු වන්නේය. එසේම මිනිසා අත්විඳින හොඳ හෝ නරක යන දෙකට මිනිසා මුහුණ දෙන අකාරය අනුව පින් හෝ පව් අත්වන්නේය.

ඉස්ලාමිය ඉගැන්වීම අනුව දෙවියන් විශ්වය මැවීමෙන් පසු එහි සිදුවීමට නියමිත දේවල් සියල්ලම ලහ්ෆුල් අල්-මහ්ෆුල්හි ලියා තැබුවේය. එසේ සිදු වන්නේ ඔහුගේ අපිරිමිත ඥානය නිසාය. තවද දෙවියන් කාලයෙන් සිමා වන්නේ නැත. එම නිසා ත්‍රිත්ව කාලයම ඔහුට එක සමානය. අල්-කුරානයේ මෙලෙස සඳහන් කොට ඇත.

“සැඟවී ඇති දැයෙහි යතුරු ඔහු ළඟ ඇත්තේය. එහි (ඇති දැය) ඔහු හැර වෙන කිසිවෙකු නොදන්නේය. භුමියෙහි හා මුහුදෙහි ඇති දැය ද ඔහු හොඳින් දන්නේය. ඔහු නොදැනුවත්ව කිසිම ගහක කොලයක් හෝ වැටෙන්නේ නැත. භුමියෙහි ඝන අඳුරෙහි (වැළලී) ඇති (අබ ඇටයක් තරම් කුඩා) බීජයක් තෙතමනයේද වියලීද (යන්න ගැන ඔහුගේ) පැහැදිලි සටහන් පොතෙහි සටහන් නොවී නැත (කුරානය 6:59). 

දෙවියන් කෙනෙකුගේ දෛවය ලියා තැබීම නිසා ඔහුට අසාදාරනයක් සිදු වන්නේ නැත. ඊට හේතුව දෙවියන් එසේ ලියන්නේ ඔහු එම දේවල් කරන බව කලින්ම දන්නා නිසාය. 


Comments

Popular posts from this blog

කුරානයේ පළමු පරිච්ඡේදයේ අරමුණ කුමක්ද? (What is the purpose of the first chapter of the Quran?)

රටවල් අතර ගැටුම් ඇති කරන අතරතුර "අපි සාමය ඇති කරන්නන්" යැයි පැවසීම විහිළුවක් නොවේද? (Isn't it funny to say "we are peacemakers" while causing conflicts between countries?)

ආගමික වටිනාකම්වලට මොකද වුණේ? (What happened to religious values?)