Quran on Embryology - Professor Keith L. Moore Get link Facebook X Pinterest Email Other Apps March 07, 2014 thetrue_path thetruepath1.blogspot.com Get link Facebook X Pinterest Email Other Apps Comments
කුරානයේ පළමු පරිච්ඡේදයේ අරමුණ කුමක්ද? (What is the purpose of the first chapter of the Quran?) March 29, 2026 අල් කුරානයේ ඉතා දීර්ඝ සහ ඉතා කෙටි පරිජ්ජේද 114 ක් අඩංගු වේ. එම පරිජ්ජේද අතරින් මුල්ම පරිජ්ජේදය වන්නේ වාක්ය හතකින් සමන්විත ෆාතිහා සුරාව යි. එම පරිජ්ජේදයෙන් කුරානයේ සාරාංශය ඉතා මැනවින් ගෙන හැර දක්වා ඇති බව ඉස්ලාමිය විද්වතුන්ගේ මතය වේ. එම පරිජ්ජේදය පහත දැක්වේ. " අසීමිත කරුනාවන්තයාවුද අසම දයාවන්තයාවුද අල්ලාහ්ගේ නාමයෙන් (ආරම්භ කරමි). සියලු ප්රසංශා සකල ලෝකයම මවා පාලනය කරන්නාවූ අල්ලාහ්ටමය. (ඔහු) අසීමිත කරුනාවන්තයාය , අසම දයාවන්තයාය. විනිශ්චය දිනයෙහි අධිපති (ඔහුය). (ඕ අල්ලාහ්!) අපි නුඹවම නමදිමු. නුඹගෙන්ම උදවු පතමු. නුඹ අපව ඍජු මගෙහි යවනු මැනව. (එම මාර්ගය කෙසේද යත්) නුඹ කව්රුන් කෙරෙහි දායාදය පිරිනැමුවේද ඔවුන්ගේ මගය. (එය නුඹගේ) කෝපයට ලක්වුවන්ගේද , නොමග ගියවුන්ගේද මග නොවේ" මෙම පරිජ්ජේදය අල්ලාහ්ට අයත් ඉතා වැදගත් ගුණාංගයන් දෙකකින් ආරම්භ කොට තිබේ. අල්ලාහ්ට එවැනි ගුණාංගයන් නොතිබුනේ නම් වැරදි කරන අයට එවෙලේම දඬුවම් කිරීමට ඉඩ තිබුනේය. මිනිසා කරන වැරදි වලට එවෙලේම දඬුවම් නොකිරීම නිසා කෙනෙකුට අවශ්ය නම් මරණයට පෙර නිවැරදි මාර්ගය වෙත හැරීමට අවස්තාව ලැබෙන්නේය. කුරානයේ අරමුණ මිනිසාට නිවැරදි මාර්ග... Read more
රටවල් අතර ගැටුම් ඇති කරන අතරතුර "අපි සාමය ඇති කරන්නන්" යැයි පැවසීම විහිළුවක් නොවේද? (Isn't it funny to say "we are peacemakers" while causing conflicts between countries?) March 18, 2026 රටක ආරක්ෂාව සඳහා ශක්තිමත් හමුදාවක් තිබිය යුතුය. එහෙත්, ඕනෑවට වඩා බලය තර කර ගෙන ලෝක පොලිස් කාරයා වෙමින් අනෙක් රටවල් වලට තර්ජනයක් වීම වැරැද්දකි. සාමයේ නාමයෙන් අනෙකුත් රටවල ස්වෛරීභාවයට ඇඟිලි ගැසීම උද්දච්චකම වේ. ඇමරිකාව සහ ඉස්රායලය කරමින් සිටින්නේ එවැනි දේවල් ය. ඔවුන් කරමින් සිටින අසාධාරණ යුද්ධ නිසා ලෝක ආර්ථිකය දිනෙන් දින කඩා වැටෙමින් තිබේ. සාමය ඇතිකරන බව කියමින් කළහ ඇති කරන අය ගැන අල් කුරානය මෙසේ පවසයි. "පොළොවෙහි කළහ ඇති නොකරන්නැයි ඔවුනට පවසනු ලැබුවේ නම්, 'අපි සාමය ඇති කරන්නන්' යැයි (ඔවුන්) පවසන්නෝය. ඇත්ත වශයෙන්ම කළහ ඇති කරන්නන් ඔවුන්මය. එහෙත් ඔවුන් එය තේරුම් ගන්නන් ලෙස නැත" (කුරානය 2;11-12). ඉරානය වසර 7000ක් පමණ පැරණි ශිෂ්ටාචාරයක් ඇති රටක් වේ. ඔවුන් කිසිවිටක අනෙක් රටවල් වලට තර්ජනයක් වුයේ නැත. එසේ තිබියදී වසර 300ක් පමණ ඉතිහාසයක් ඇති ඇමරිකාව සහ වසර 70ක් පමණ ඉතිහාසයක් ඇති ඉස්රායලය ඉරානයේ තෙල් සම්පත් වලට කෙළ හලමින් ඔවුන්ට තර්ජනය කිරීම කිසිසේත්ම අනුමත කල නොහැක. ඉරානය යුරේනියම් බල ගන්වන්නේ එම රටේ බලශක්ති උවමනාවන් සඳහා ය. එය පාදක කර ගනිමින් ඉරානයට නොයෙකුත් සම්බාදක දැමීම අනු... Read more
ආගමික වටිනාකම්වලට මොකද වුණේ? (What happened to religious values?) August 29, 2019 ලෝකය දියුණු වෙද්දී මිනිසුන්ගේ ආගමික හැදියාවන්වල පිරිහීමක් දක්නට තිබේ. මේ නිසා ඇතැම් අයට බිකිනියේ සහ බුර්කාවේ වෙනස පවා තේරුම් ගැනීමට හැකිවී නැත. එහි ප්රතිපලයක් ලෙස මුස්ලිම්වරුන් අඳින බුර්කාව ගෝනියකට සමාන කරන අවස්ථාද තිබේ. කෙසේ වෙතත් බුරුකාවට විරුද්ධ වන අය අඩනිරුවත් ඇඳුම් වලට විරුද්ධ නොවීම පුදුමයකි. ඇත්තෙන්ම ඔවුන් ඒවා දකින්නේ දියුණුවේ සංකේතයන් ලෙස නම් එය කනගාටුවට කරුණකි. මෙම තත්වය ඇතැම් ගිහියන් පමණක් නොව පැවිද්දන් පවා වටහාගෙන නොතිබීම අවාසනාවකි. මේ හේතුවෙන් ඇතැම් පැවිද්දන් පවා බුර්කාව විවේචනය කරන්නේය. සැබැවින්ම ඉන් සිදු වන්නේ දුෂණයට අත වැනීමකි. එක් ප්රසිද්ධ ස්වාමින් වහන්සේ කෙනෙක් මාධ්ය සාකජ්ජාවක් පවත්වා බුර්කාව හඳුන්වා දුන්නේ ගෝනියක් ලෙසය. එවිට මගේ සිතේ පහළ වුනේ ස්වාමින් වහ්සේ බුර්කාව ගෝනිය ලෙස අර්ථ දක්වන්නේ නම් බිකිනිය අර්ථ දැක්විය යුත්තේ කෙසේද කියාය. කෙසේ වෙතත් එම සාකජ්ජාවේදී එම ස්වාමින්වහන්සේ බිකිනිය ගැන එකම වචනයක් වත් පැවසුවේ නැත. එමගින් ඔහු කලේ තම අධ්යාත්මික බංකලොත් භාවය ලෝකයා හමුවේ ප්රධර්ශනය කිරීම වේ. සහජයෙන්ම කාන්තාව පිරිමියාට වඩා වෙනස්ය. ඒ අනුව ඔවුන්ගේ මුළු ශරී... Read more
Comments
Post a Comment